" යාශ්... අනේ මේක පූ බබාට අන්දන්න "
තුරුල් ළා නිල් - සුදු පාට පිනපො කිට් එකක් ගෙනත් සයාශ්ට දුන්නෙ පික්නික් බොක්ස් එකකට මොනවදෝ අහුරන ගමන්.. සයාශ් එහෙමම පිනපො කිට් එක චූටි පැටියට අන්දලා ඉවර වෙලා ඕඩික්ලෝන් ටිකක් ගාලා සුදු පාට මේස් දෙකක් දැම්මුවෙ චූටි පැටියගෙ ඇදුම් ගොඩ අවුස්සලා චූටි පොම් පොම් බෝලයක් තියෙන තොප්පියක් හොයාගෙන ඒකත් දාන ගමන්.. ළා නිල් පාටයි සුදු පාටයි...
තුරුල් තාමත් කඩියා වගේ එහාට පැන පැන මෙහාට පැන පැන බඩු ලෑස්ති කරද්දි සයාශ් චූටි පැටියට සෙල්ලම් කරන්න බිමට දාලා තිබුණ මැට් එකේ හාන්සි උනේ පූ බබාව පපුව උඩින් මුණින් අතට තියාගන්න ගමන්..
" අප්පච්චිගෙ පුංචි ලැවෙන්ඩර් මල !.. තෙසූ වගෙම වෙයි ඔයත් ලොකු උනාම මගෙ මැණික "
සයාශ් ඔලුවෙන් ඉස්සිලා ඒ නලලට හිමීට දෙතොල් තද කරේ චූටි පැටියා සතුටට හිනාවෙද්දි.. එහෙමම සයාශ් ටික වෙලාවක් එයාගෙ කරේ තිබුණ චේන් එක එක්ක සෙල්ලම් කරන ගමන් පපුව උඩ දිගෑදිලා ඉන්න චූටි පැටියා දිහා බලාගෙන ඉදලා උගුර පෑදුවා..
" පුතු දකින උදයේ ... හැමදාම දැන්..
නව දවසකී මටනම්.. දෙන වාසනා..
හිරු සඳු දවල් රෑ.. මට පායනා..
පුතු මිස වෙනින් කවුදෝ .. සුරතල් පුතේ.. "සයාශ් සින්දුවේ මැද කොටසක් කියද්දි චූටි පැටියා ඇස් කරක කරක අහගෙන ඉන්නවා.. චූටි පැටියා ආසම නිතර කතා නොකරන අප්පච්චි එයා ළඟ අතොරක් නැතුව කියවනවට වෙද්දි.. තෙසූ වගෙම නොදන්න වයසට උනත් චූටි පැටියා අතරමං වෙන්නෙම සයාශ්ගෙ මුහුද වගේ ගැඹුරු හදවතට තට්ටු කරන කටහඩට ..
" සිහින නෙළුම්මල්.. පොකුණු පුරා..
මගෙ පුතුගෙ කිරි සිහිනේ.. සුවද කලා..
මගෙ ලොවම ඒ සිහිනෙන්.. පහන් වෙලා..
කිරි සුවද දේ මුවගේ.. පවන් සලා.. "( සිහින නෙලුම් මල් - මරියසෙල් ගුණතිලක )
සයාශ් කියලා ඉවර වෙද්දිම චූටි පැටියගෙ මුවේ ඇදිලා තිබුණ හුරතල් හිනාව තව තව වැඩි උනා.. ඒ චූටි නිල් පාට ඇස් හිනාවෙද්දි හීන් වෙනවා..
ඉතින් අම්මලාට විතරද චූටි පැටවුන්ට ඇහෙන්න නැලවිලි ගී කියන්න පුළුවන් !
YOU ARE READING
(නො)පිපි මල් - " Blooming Flowers 🦋🍃 " | Completed ✔️
Science Fiction"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024