" තෙසූ "
" ම්ම් "
" තොයිල් නටලා මහන්සිද ? "
සයාශ් අහද්දි තුරුල්ගෙ කටින් හිනාවක් පැන්නා. එහෙමම තුරුල් මෙච්චර වෙලා එයාගෙ කලවා උඩ තිබුණ සයාශ්ගෙ අත එක්ක එයාගෙ අතේ ඇගිලි පටලගත්තා.
" කෝමද නේ මාමණ්ඩියා තරම දැනගන්න ඇති නේ මගේ ?"
සයාශ් හිනාව කාගෙන ඉන්නවා හරි අමාරුවෙන්. මොකද සයාශ් කියන්නෙ ලතෝනි ගහලා හිනාවෙන චරිතයක් නෙවි..
" තා ඩිංගට හෙට උදේ යූටියුබ් කාරයොන්ට අවුස්සන්න කුණු ගොඩක් ඇදෙනවා.. "
" කෝටිපති ව්‍යාපාරික එඩ්වඩ් වර්ණකුලසූරිය හදිසියේ රෝහල් ගත කරයි... මෙන්න එඩ්වඩ් වර්ණකුලසූරියගේ නවතම තත්වය ... එඩ්වඩ් වර්ණකුලසූරියගෙ සදාදරණීය බිරිද රෝහල් ඇද ලග හඩා වැටෙමින් කිව් දේ... "
තුරුල් කට ඇද කරගෙන කියවනවා අතොරක් නැතුව. තුරුල්ගෙ මේ හුරතලේ දිහාත් බලාගෙන සයාශ් කාර් එක ඩ්‍රයිව් කරේ ඉක්මනට නුවරඑළියට යන්න. අනුරලා කොළඹ ආපු නිසා මොවිදු තේෂ් දෙන්නම කොළඹ නතර උනේ චනුසදලත් එයාලගෙ කොළඹ බිග්හවුස් එකට යද්දි.
කොහොම උනත් නුවරඑළියට එද්දි පාන්දර දෙක විතර වෙලා. ඒ වෙද්දිත් තුරුල් හොදටම නිදි. සයාශ් කාර් එක ගැස්සෙන්න නොදී පරිස්සමට අරන් ආවෙ තුරුල් ඇහැරෙයි කියන බයට. සදතැන්නට යන්න කලින් කැෆේ එක කිට්ටුවදිම වගේ තුරුල් ඈලි මෑලි කඩලා නැගිට්ටෙ හරියට නිකන් ඉව වැටිලා වගේ..
" ගුඩ්මෝනින් "
සයාශ් කියද්දිම තුරුල් ෆෝන් එක අරන් බැලුවෙ වෙලාව කීයද කියලා .. හරිනෙ පහුවදා පාන්දරනේ..
" නවත්තන්නෝහ් .. "
තුරුල් එයාගෙ ශොප් එක පහුවෙද්දිම කෑ ගැහුවෙ දයාශ් එතනම බ්‍රේක් එක පාගද්දි. වෙලාවට මහ පාන්දර නිසා වාහන නෑ පාරෙ.
" ඇ..යි ඇයි "
" විනාඩියක් දෙන්න මට .. අමතක වෙලා ගියා බඩුවක් "
තුරුල් කාර් එකෙන් බැහැලා ශොප එකේ කී එකත අරන් දුවද්දි සයාශ්තුත කාර් එක අයිනට වෙන්න පාර්ක් කරලා බැහැලා ගියේ තුරුල්ගෙ පස්සෙන්. ක්‍රිස්මස් නිසා පාර දෙපැත්ත සරසලා තිබුණයින් ලා එළියක් ශොප් එක හරියෙ බලාගන්න පුළුවන් උනා. තුරුල් ශොප් එක ළඟ තප්පරයක් විතර හිටන් ඉදලා බිමට නැමෙනවා අඩ අදුරෙම සයාශ් බලාගෙන.
YOU ARE READING
(නො)පිපි මල් - " Blooming Flowers 🦋🍃 " | Completed ✔️
Ciencia Ficción"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024