කාර් එක අරන් එළියට බැහැපු සයාශ් විනාඩියට දෙකට ඇවිත් නතර උනේ වර්ණකුලසූරිය බිග් හවුස් එකේ.. සයාශ්ට පස්සෙන්ම චනුසදත් කාර් එක ගේට් එකෙන් ඇතුලට දැම්මෙ සයාශ් කඩන් බිදන් ගේ ඇතුලට යනවා බලාගෙන..
සයාශ්ගෙ වෙලාව කියන්නෙ එතකොටම වගේ එයාගෙ තාත්තා පඩිපෙල බැහැගෙන කොහෙද යන්න බලාගෙන ආවෙ නීටත් වන වන පස්සෙන්ම එද්දි..
" අරුණ බ්‍රයන් වර්ණකුලසූරිය .. අවුරුදු තිහකට පස්සෙ නේ ! "
සයාශ්ගෙ දිහා බලාගෙන ආපු එඩ්වඩ්ගෙ කකුල් එක තැන හිට්ටා.. මුකුත් නොදන්න නීටා බිරන්තට්ටු වෙලා බලන් ඉද්දි එඩ්වඩ්ට ඒ ටිකටත් ඉහෙන් කනෙන් දාඩිය දාලා ඉවරයි..
" උ..ඹ.. උඹ.. මොකාද.. "
එඩ්වඩ්ට ගොතත් ගැහෙනවා.. මිනිස්සු නීතියෙන් බේරුණාට හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ කියන්නේ නිකන්ද ?
" චහ් .. චහ්.. උඹට ඒ ඩිංගට අමතක උනාද උඹ නිසා මැරුණු මිනිස්සු ගාන ! "
සයාශ් අඩියෙන් අඩිය ඉස්සරහට තියන්නෙ චනුසදත් ගේ ඇතුලට එද්දි..
" අනුජ් දේවප්‍රිය , නිහිල් පෙරේරා , ශාක්‍ය හෙට්ටිආරච්චි .. තව කීයක් නම් ඉන්නවද ?! "
" උඹ ඌ ! "
සයාශ්ගෙ කට කෙලවර ඇදුනෙ මහ නෝන්ජල් හිනාවක්.. සයාශ්ගෙ දැන් මුහුණුවර මෙච්චර කාලෙකට තුරුල් චනුසද දෙන්නවත් දැකලා නැතුවැති.. තනිකරම රාක්ෂයෙක්ට පණ ඇවිත් වගේ.. බලන්න පවා බය හිතෙනවා ...
" උඹ ශාක්‍ය ! "
" මං කිව්වා වගේ උඹගෙ ළමයා වෙලා හරි ආවා.. ! "
සයාශ් මහ සද්දෙන් හිනා උනේ එඩ්වඩ්ට ඉන්න තැනත් අමතක කරලා.. තනිකරම නීටට නම් මේක සීරියල් කිලර් කෙනෙක් ඉන්න ටීවී සීරීස් එකක් බලනවා වගේ.. තේරෙන ලබ්බකුත් නෑ බය වෙන එකේ සීමාවකුත් නෑ..
ඒ එක්කම විනාඩියක් දෙකක් නිශ්ශබ්ද වෙලා ඉදි එඩ්වඩ් මහ හයියෙන් හිනා උනේ නීටත් ගැස්සිලා යද්දි.. ඒ ගෑණිගෙත් කට විතරයි.. එක පාරයි සද්දයක් ඇහෙන්න ඕන ගැස්සිලා යනවා භූමි කම්පාවක් වගේ..
" ඔව්.. මං තමයි අරුණ බ්‍රයන් වර්ණකුලසූරිය .. ඇයි උඹ මට මොනවා කරන්නද .. මං අනුජ්ව මැරුවා කියලා කියන්න උඹට සාක්කි තියෙද ? අනුජ් ඇල්ල උඩට නැග්ගෙ කාගෙ කීමටද කියලා දන්න කියන එකෙක්ට දෙන සාක්කි පිලිගන්න පුළුවන් එකෙක්ට ඉදපු එකත් කට පියාගන්න තැනට වැඩ කෙරුනම උඹ මැරිච්ච මිනිස්සු විත්තියට නග්ගන්නද ? "
YOU ARE READING
(නො)පිපි මල් - " Blooming Flowers 🦋🍃 " | Completed ✔️
Khoa học viễn tưởng"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024