අයින් වෙන්න... අයින් වෙන්න... අපේ බොසාට කෝපි ගෙනියනවා....ටහුක්.. මොකාද යකෝ යන පාර මැද්දෙ පුටු තියපු එකා.. තා ටිකෙන් මං හොම්බෙන් ගිහින් කෝපි එක උඩින් යනවා......උදේ ආව ගමන් මට බාර වෙලා තිබුන වැඩක් තමයි ඔෆිස් එකේ බොස්ට කෝපි එකක් ගෙනිහින් දෙන එක... අපේ බොසාට මගෙ කෝපි එක නැත්තම් වැඩක් කරගන්න බැරි ලෙඩක් තියෙනවනේ... ගොට්ට නෙමෙයි ඒත් මූ මගෙන් පලි ගන්නවා මං වැඩට ආව පලවෙනි දවසෙ කරපු වැඩේට... ඒක ඉතින් එච්චර පලිගන්න දෙයක් නෙමෙයි.. එයැයිගෙ කෝපි එක බිව්වා විතරනෙ....
*****************
එදා මං ඉන්ටව් එකෙන් පස්සෙ දෙයියනේ කියලා ඉස්සරලාම වැඩට ගිය දවස.. ඉස්සරලම දවස හින්දා බොස්ව හම්බෙන්න මං බොස්ගෙ කාමරේට ගියා.....
බොස් මං ඇතුළට ආවා.......
බොසා ඇසුත් ලොකු කරගෙන බලාගෙන හිටියෙ දොරට තට්ටු කරන්නෙත් නැතුව ඇතුළට ගිහින් බොස්ගෙ ඉස්සරහ තිබුන පුටුවත් ඇදගෙන වාඩි වුන මං දිහා....
"තමුන් කවුද... දන්නෙ නැද්ද මේ ඔෆිස් එක ඇතුලෙ තියෙන නීති රීති... ඩිසිප්ලින් අන්තිමයි... තමුන් අලුත්ද...."
මේ මනුස්සයා විනාඩියට වචන කීයක් කතා කරනවද... බොස් තමයි.. ඒත් එහෙම ඕනෙ නෑනෙ....
මෙහෙමයි ස්....
ටක් ටක් ටක්
මං කියන්න ගිය එක මගින් නවත්තගත්තෙ කවුද දොරට තට්ටු කරන සද්දයක් ඇහෙද්දි.....
"කම් ඉන්....."
ඒත් එක්කම ඇතුළට ආවෙ දනහිස ළඟට කොට කලු පාට ටයිට් සායකුයි ලා රෝස පාට බ්ලවුස් එකකුයි ඇඳගත්ත වයස විසි පහක විතර කෙල්ලෙක්... එයාගෙ අතේ තිබුනේ කොෆි ට්‍රේ එකක්......
"සර් කොෆී එක........"
"ඔහොම තියලා යන්න........."
එහෙම කිව්ව ගමන් ඒ කෙල්ල ට්‍රේ එක මේසෙ උඩින් තියලා එලියට ගියා... කෙල්ල ගියා විතරයි මං......
ආහ් තෑන්ක්ස් සර්..... උදේම ඇවිත් මාත් මහන්සියෙන් හිටියේ...
