වැඩ ඉවර වෙලා හවස පයින්ම ගෙදර යන ගමන් ඉද්දි මං ළඟින් කලු පාට කාර් එකක් ස්ලෝව් කරලා ඉස්සරහා ශටර් එක ඇරියම තමයි මං දැක්කෙ ඒ අපේ බොසා කියලා.. මාත් සියලු තරහ මරහ අමතක කරලා මගෙ සියල්ල දත් ටික එලියට දාලා හිනා වුනා... මොනා වුනත් හිනාවෙලා මනුස්සයෙක්ට සංග්රහ කරන්න ඕනෙ...
"දත් ටික ඇතුලට දාගෙන ඇවිත් වාඩි වෙනවා... මං ගෙදරින් දාගෙන යන්නම්......"
බොසා කිව්වා විතරයි කට වහගෙන ඉවර වෙලා බොසා කිව්ව දේ මොලේට ප්රොසෙස් වෙනකම් ටිකක් වෙලා මං බලන් හිටියා... පස්සෙ වහගෙන හිටපු කට ඇරලා මං ආයෙම කට කැඩිච්ච කතාවක් කියන්න හැදුවෙ.. බොසාට ඒක ඉවෙන් වගේ දැනිලද කොහෙද රවපු රවිල්ලට මං ආයෙම කට වහගෙන සද්ද බද්ද නැති හොඳ..... අහිංසක ළමයෙක් වගේ බොසාගෙ එහා පැත්තෙන් වාඩි වුනා......
මලකට මැස්ස මං රොන් බිබි තිස්සෙම
ඉද්දි මගහැරි ගියා වස්සානේ
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා මං ළඟට බැස්සෙ මේ යක්සෑනි
කුණු ගොඩේ මැස්සා මං තේරුම් ගත්තෙ පස්සෙ මං
ඒත් මම පණ පිටින් සඳමාලී....
අ-"තමුන්ට ඔය කට වහගෙන එක විනාඩියක් ඉන්න බැරිද....??"
වාහනේ ඇතුලෙ තියෙන ඒකාකාරී බව ටිකක් නැති කරන්න ඕනෙ නිසා මම මේ දවස් වල ට්රෙන්ඩින් සින්දුවක් කියන්න පටන් ගද්දි බොසාට නැග්ගා.... ඇයි හත්වලාමෙ.. මනුස්සයෙක් සින්දුවක් කිව්වත් මේ මනුස්සයට පුදුම තරහක්නෙ යන්නෙ... මොනා වුනත් බොසානෙ කියලා එයා කියපු විදියට විනාඩියක් විතර කට වහගෙන ඉඳලා ආයෙම මං සින්දුවක් පටන් ගත්තා.....
මේ හැන්දෑවෙ පැලේ
මම තනියම මනෝ පාරක්
වැදුනා මදි මම ඔතනවා තව පාරක්
මවන්නෙ ස්වර්ගය-"මං තමුන්ට කිව්වෙ කට වහගෙන ඉන්න කියලා.. කියන්නම ඕනෙ නම් අහන් ඉන්න පුලුවන් එකක් කියනවා..මොනවද අයිසෙ ඔය කියන්නෙ....."
ඔන්න ඔන්න.. මට දැන් නැගගෙන එන්නෙ... මේ මනුස්සයා දන්නෙ මිනිස්සුන්ට රවන්නයි කෑ ගහන්නයි විතරනෙ.. කිසි සෞන්දර්යාත්මක දෙයක් පිහිටලා නෑ ඇඟේ......
සර්.. ඒවට කියන්නෙ රැප් කියලා.. පුදුමයි.. රැප් අහලා නැති මනුස්සයෙක් දැක්කමයි... ඕවා තමයි අද කාලෙ නැගලා යන්නෙ..