දවස් ගෙවිලා ගියේ හිතාගන්නත් බැරි තරම් ඉක්මනට.. එදා දේව් කාරයා එක්ක රණ්ඩුවෙන් පස්සෙ මාස දෙකක් ම ගෙවිලා ගිහින්.. මේ මාස දෙක ඇතුළත මොනාද සිද්ද නොවුනේ.. මාව කිඩ්නැප් කරන්න ට්රයි කරපු අවස්ථා තිබුනා.. ඒත් ඒ හැම වෙලාවකම ශාරද් බොස් නොහිතපු විදියට මාව බේරගත්තා.....
පහුගිය දේවල් කල්පනා කර කර කෝපි එක හදලා ඉවර වුන මම ඒකත් අරගෙන බොස්ගෙ කැබින් එක ළඟට ගිහින් දොරට තට්ටු කරාම ඇතුළ ඉඳන් එයා මට එන්න කිව්වා.. මං එනවා දැකපු බොස් ට්රේ එක මේසෙ උඩින් තියලා වාඩිවෙන්න කියලා සන් කළා.. මාත් ඉතින් ලොකුකම පැත්තකින් දාලා බොස්ට ඉස්සරහින් වාඩිවුනා......
"මං තමුසෙට දෙයක් කියන්න හිටියෙ.. හම්බුන එක හොඳයි.. අද හවස ලෑස්ති වෙනවා මාත් එක්ක අපේ ගෙදර යන්න.. තමුන් දිගට ම එහෙ නවතිනවා.. ඔය ගෙදර ඉන්න එක එච්චර හොඳ නෑ.. ගෙදර අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.. ඇවිත් මාත් එක්ක නතර වෙනවා.. මං විතරනෙ එහෙ ඉන්නෙත්......"
ඇයි බොස් මං ගැන ඔච්චර වද වෙන්නෙ.. මාත් පිරිමියෙක්නෙ.. මට පුලුවන් මං ගැන බලාගන්න....
බොස් නිකම් වද වෙන්න ඕනෙ නෑ......එහෙම කියලා මං ඉඳගෙන හිටපු තැනින් නැගිටලා එළියට යන්න හදද්දි මට වඩා ඉක්මන් වුනා ශාරද් කාරයා මාව ඇදලා අරන් බිත්තියට තියලා තද කරගත්තා.....
"තොට කොච්චර කියන්න ඕනෙද යකෝ දෙයක් අහන්න.. තොගෙ හොඳට මේවා කරන්නේ.. උඹ හදන්නෙ අර ගෙදර මිනිස්සුන්වත් අමාරුවෙ දාන්න.. මට කියලා කන පලාගන්නැතුව හවසට ලෑස්ති වෙයන්......"
බොසාගෙ මූණ බලන්නත් බයයි.. ඒ තරම් දරුණු පාටයි ඒක.. මං ඒ මූණ දිහා ළඟින් බලද්දි ඒ දැස් ගැස්සුනා මං දැක්කා.. ඒත් අර මූණෙ තිබුණ හැඟීම් ඒ විදියමයි.. බොසාව වෙව්ලනවා..
ඉස්සර මාව පේන්න බැරුව හිටපු මනුස්සයා දැන් ඇයි මෙච්චර මං ගැන වද වෙන්නේ.. තමන්ගෙ යාලුවා එක්කත් මං නිසා රණ්ඩු වෙන්න තරම් මං කවුද සර්ගෙ..
මං එහෙම අහද්දි බොස්ගෙ මූණෙ තරහත් දුකත් එකම වෙලාවෙ පේන්න ගත්තා කිව්වොත් මං හරි.. ඒ ඇස් වල තරහා වගේ ම වේදනාව පිරිලා......
