part 3💚❤️

718 96 5
                                    

ගෙදර ගිහින් වොශ් දාලා කෑම කාලා ගෙදර මිනිස්සුන්වත් කෑ ගස්සලා කාමරේට ඇවිත් මම නිදාගන්න හැදුවෙ හෙටත් වැඩ නිසා... මං ඇඳට වැටිලා ෆෝන් එක අතට අරන් බලද්දි දැක්කා නොදන්න නම්බර් එකකින් මැසේජ් එකක් ඇවිත් තියෙනවා..

"Hi...."


මගෙත් ලොකු සීන්නෙ.. ඉතින් මැසේජ් එකත් සීන් කරලා නිකම් හිටියා.. මැසේජ් එක සීන් කරලා ෆේස්බුක් එකේ උඩට පහළට යන ගමන් ඉද්දි ආයෙම අර නම්බර් එකෙන් මැසේජ් එකක් ආවා....




"Are you sleeping....."



නෑ තොගෙ ආච්චිට රයිස් ගරනවා මේ රෑ....


ඌ කඩ්ඩෙන් මැසේජ් දාන නිසා මං ඌව ගනන් ගත්තෙ නැත්තෙ කඩ්ඩෙන් කතා කරන එකෙක් මං ආශ්‍රය කරන උන් ගොඩේ නැති නිසා.. දැන් ඉන්න උන්ට මෝල තද වෙච්ච ගමන්නෙ ඉන්නෙ.. කෙල්ලෙක්ගෙ නමින් ෆේස්බුක් එකේ අකවුන්ට් එකක් හැදුවොත් දැක්ක ගමන් හායි හූයි ගාගෙන එන්නෙ අංගම්පොර වගේ.. තව සමහරක් අවයව ජාවාරම්කාරයෝ කියලා හිතලද කොහෙද ඇඟේ එක එක කොටස් වලට ෆොටෝ එවනවා.. අනේ මන්දා මේවා..





මූත් ඒ වගේ එකෙක් වෙන්න ඇති කියලා හිතලයි මං ඌට රිප්ලයි නොකර හිටියේ.. මට ඕවා වැඩක් නෑ.. මට ඕනෙ නිදාගන්න.. හෙටත් උදේම අර බොසා කියන එකාට කෝපි අදින්න එපැයි.. විසාල කරදරයක් වුනානෙ මේක....

.

.

.

.

රෑ තිස්සෙ එකෙක්ට දෙහි කප කප ඉඳලා නින්ද ගිය වෙලාවක්වත් දන්නෙ නෑ මං.. කොහොම හරි අද උදෙත් ඔෆිස් යන්න ලෑස්ති වෙලා පාරෙ ටික දුරක් ඇවිදගෙන එද්දි හම්බුනෙ බොසාගෙ කාර් එක.. බොසා ශටර් එක පාත් කරලා මට කාර් එකය නගින්න කිව්වත් මම මොකාද එකා වගේ බලාගෙන හිටියා මිස නැග්ගෙ නෑ.. වාහනේට.. ඒ අස්සෙ බොසා ආයෙ සැරයක් මාව උඩ යන්න තරම් සද්දෙන් කෑ  ගැහුවා...




"තමුසෙ යන්නැද්ද ඕයි... ඉක්මන් කරනවා.. මට පරක්කු වෙනවා... මට හොඳ වැඩේ මේ වගේ මිනිස්සු වැඩට ගන්නවට..."




ආයෙත් සැරයක් කෑ ගහලා මේ මනුස්සයගෙ නහරයක් ගහලා යයි කියන බයටම මම වාහනේට නැගලා හොඳ ළමයා වගේ ඔෆිස් එකට යනකන්ම සද්ද බද්ද නැතුව හිටියා.. ඔෆිස් එකේ කා පාක් එකෙන් වාහනෙ නැවැත්තුව ගමන් මං බොස් දිහා බලන්නෙවත් නැතුව ඉක්මනට ඉක්මනට ඇවිදගෙන ඔෆිස් එක ඇතුලට ආවා....






විසේකාරයා🤍Where stories live. Discover now