"දේව්......"
ඒ සද්දෙට මං වගේම මට ගහන්න අත උස්සපු මනුස්සයාවත් ගැස්සිලා ගියා.. මං හිතන්නෙ ඔෆිස් එකේ වහලෙ පවා හෙල්ලෙන්න ඇති.. ඒ තරම් සද්දෙන් මේ මනුස්සයා කෑ ගැහුවනේ.. බොස් අපි ළඟට මහ බය හිතෙන මූනක් එක්ක රවාගෙන එද්දි අර මනුස්සයා කට කොනෙන් හිනා වෙලා මං දිහා බැලුවා....
"ඔය එන්නෙ තමුන්ගෙ බොස්.. දැන් බලාගන්නවා මං බොස්ට කියලා තමුන්ව මෙතනින් එලියට ඇදලා දාන්නෙ කොහොමද කියලා....."
එහෙම කියලා ඒ මනුස්සයා බොස් පැත්තට හැරෙද්දි මං ට්‍රේ එක අත් දෙකෙන්ම අල්ලගෙන බිම බලාගෙන හිටියා...
"ආහ්..ශාරද්..."
"දේව්.. මොකද උදෙන්ම මෙහෙ ඇවිත්...."
අප්පද බොල.. මේ බොසාගෙ යාලුවෙක්ද එතකොට.. උඹට ඉන්න හැම දෙවියගෙම පිහිටයි නේත්‍ර.. උඹේ ජොබ් එකට නම් අද කෙලවෙනවා ශුවර් ශොට්.....
"මං උඹව පොඩ්ඩක් හම්බෙන්න ආවෙ.. කොහෙද මේ මනුස්සයා උදෙන්ම මගෙ මූඩ් එක කෑවා....."
බොසා ඒ මනුස්සයා දිහා බලාගෙන ඉඳලා මං දිහා සීතල විදියට බලලා ආයෙ අර මනුස්සයා පැත්ත හැරුණා....
"ඇයි නේත්‍ර මොකද කරෙ....."
"ආහ්.. එතකොට මෙයාගෙ නම නේත්රද.. මේ වගෙව් මිනිස්සුන්ටත් උඹ ජොබ් දෙනවද ශාරද්.. පුදුමයි උඹ මේ වගේ තර්ඩ් ක්ලාස් මිනිස්සුන්ව මේක ඇතුලට ගන්නවා....."
"මෙයා මොකද්ද කරේ කියලා මට කියපන්...."
"පේන්නෙ නැද්ද... මූ මේ කෝපි එක මගෙ ඇඟේ හැලුවා.. මෙලෝ සිහියක් නැතුව මේ මිනිස්සු වැඩ කරන්නෙ.. මේ වගේ මිනිස්සු එක්ක කොහොමද කම්පැනි එකක් විදියට ඉස්සරහට යන්නෙ.. මං නම් කියන්නෙ මේ වගේ මිනිස්සුන්ව ජොබ් එකෙන් අයින් කරන එක තමා හොඳම..."
මං බිම බලාගෙන සද්ද නැතුව හිටියා.. ඇත්තටම මට බය හිතුනා මට ජොබ් එක නැති වෙයි කියලා.. මං බිම බලාගෙන ඉද්දි බොස් මට කතා කරා...
"නේත්‍ර..!!!"
බොස් කතා කරද්දි මං හිමින් ඔලුව උස්සලා ඒ මූන දිහා බැලුවා..
