මං ඇඳුම් අඳිනකොටත් බොසා කුස්සියට වෙලා කෑම බෙදනවා.. ම්ම්... බොසා නූඩ්ල්ස් හදල.. කෑම දෙකත් අරන් පිටිපස්ස හැරෙනවත් එක්ක ම මාව දැක්ක බොසා කනේ ඉඳන් රතු වුනා.. මේ මොකද කියලා කල්පනා කරද්දි තමයි මට මතක් වුනේ උඩ කාමරේ වුන දේවල්.. ඒක මතක් වුනාට පස්සෙ මාවත් කනේ නෙමේ යටි පතුල් වල ඉඳන්ම රතු වෙන්න ගත්තා.. හු#නවනෙ දාලා.. රෙදි ලෙප්ට් නේත පුටේ... සැක්.. බොසා ඉස්සරහම රෙදි ලෙෆ්ට් කරගත්තනෙ....
"ආ කන්න......"
බොසා නූඩ්ල්ස් බෝල් එක ගෙනත් කෑම මේසෙන් තියලා මට කන්න කිව්වා.. කෑම කාලා ඉවර වෙනකම් අපි දෙන්නගෙන එක්කෙනෙක්වත් කතා කරනවා තියා ඔලුව උස්සලා අනිකා දිහා බැලුවෙවත් නෑ...
රෑ අට විතර වෙනකම් කාමරේට වෙලා ෆෝන් එක බල බල හිටපු මම නිදාගන්න හැදුවම මතක් වුනා හෙට නිවාඩු කියලා.. හෙට මොකද කරන්නෙ.. මේ මනුස්සයා එක්ක මේ ගෙදරට වෙලා ඉන්නත් බෑ.. කමක් නෑ ඒක පස්සෙ හිතමුකො...
.
.
.
.
.
.
.
.
'හහ්..හහ්..හහ්........ උඹ හිතුවද උඹට බේරිලා යන්න පුලුවන් වෙයි කියලා.. උඹ අනිවාර්යයෙන් අපේ ආශාව ඉෂ්ට කරන්නම ඕනෙ.. එහෙම නැති වුනොත් පසුතැවෙන්න වෙයි.......'
තද නින්දේ හිටපු මං එක පාර ගැස්සිලා ඇහැරුනේ රෑ මැද දැකපු හීනයක නිසා..හීනයක් වුනත් මට දැනුනෙ ඇත්තටම ඒ දේ වුනා කියලා.. ෆෝන් එක අරන් වෙලාව බලද්දි රෑ දොළහයි විස්සයි.. වතුර වීදුරුවක් විතර බීලා ආයෙ නිදාගන්න හැදුවත් අර හීනෙම හිතේ කැරකෙන නිසා නින්ද යන්නෙ නෑ.. මං එහෙම්ම කාමරේ ලයිට් ඔන් කරලා බොස්ව හොයාගෙන ගියා.. නිදිද දන්නෙත් නැ.. කෝකටත් කියලා මං හිමීට දොරට තට්ටු කරා.....
"කවුද ඔය.. නේත්ර ඔයාද...."
මගෙ වෙලාවට බොසා නිදි නෑ.. මං හිමීට කාමරේ දොර ඇරගෙන කාමරේට යද්දි බොස් ඇඳට වෙලා ලැප් එකේ වැඩක්.. ඔෆිස් වැඩ වෙන්න ඇති.. මං දොරත් වහගෙන හිමින් හිමින් කාමරේ ඇතුළට ගිහින් බොස්ගෙ ඇඳ ළගින් හිටගත්තම එයා ඔලුව උස්සලා මං දිහා බැලුවා.....