Part 8💚❤️

1.1K 125 16
                                    

උදේ ඇහැරෙද්දි වෙනදා නැති අමුත්තක් දැනෙද්දියි මට මතක් වුනේ ඊයෙ රෑ බොසා නිදාගත්තෙ මං ළඟ කියලා.. අමුත්ත මොකද්ද කියලා බලද්දියි දැක්කෙ මේකා තාම මාව බූවල්ලා වගේ බදාගෙන ඉන්නෙ.. මට නැගිටින්නත් නෑ.. මං හිමීට එයාගෙ අත් මගෙ ඇඟෙන් අයින් කරලා ඇඳෙන් බැහැලා වොශෲම් එකට ගිහින් මූණ හෝදගෙන කුස්සියට ආවෙ උදේට කන්න මොනවා හරි හදන්න.. ගොඩක් දවස් වලට කැන්ටීන් එකෙන් මොනා හරි කන නිසා අද ගෙදර මොනා හරි හදන්න හිතුනා..


ඉයර් බඩ් දෙකත් ගහගෙන සින්දුවක් අහන ගමන් හාල් හෝදලා රයිස් කුකර් එකට ගහලා පොල් සම්බෝලයක් හදන්න පොල් ගාන්න ගත්තා.. පොල් සම්බෝල රසම ගලේ අඹරලා ගත්තම.. මිරිස් පුච්චලා රතු ලූණු ගෙඩි දෙක තුනකුත් දාලා ගලේ අඹරලා ගත්තම මරු.. දෙහි වෙනුවට ලුණු දෙහි දැම්මම ඒක වෙනම රහක්.. මෙහෙ ඉතින් ලුණු දෙහි නැති නිසා දෙහි තමයි දැම්මෙ.. සම්බෝලෙ හදලා ඉවර වෙලා හාල්මැස්සො ටිකකුත් බැද්දා.. උදේට නිසා එච්චර දේවල් හදන්න බෑ අප්පා... කැකුලු හාලේ බතට, පොලොස් උයලා, පොල් සම්බෝලයි හාල්මැස්සො බැදුමකුයි කියන්නෙ ආයෙ සුපිරි.. අද පොලොස් නෑ ඉතින්....

උයලා ඉවර කරලා මම සින්දුවක් මුමුණන ගමන් ම බොසාටත් එක්ක ම තේ එකක් හදන්න ගත්තා...

මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන
ඔය රුව දෙස බලමින් සැනසෙන්නට
මදකට ඉඩ දුන්නා නම් මට
එළිය කරන්නට තිබුනා ඔය හිත


සින්දුවෙ පද ටික කියලා ඉවර කරනවත් එක්කම මං ගැස්සිලා ගියේ ඉණ වටේ පැටලුනු හයිය අත් දෙකක් නිසා.. මේ ගෙදර ඉතින් ඉන්නෙ බොසයි මායි විතරනෙ.. ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඒ කවුද කියලා.. බොසා ළඟකදි ඉඳලා හරි වෙනස්.. මං ළඟ මෙහෙම ඉඳලා ලබන සතියෙ වෙන කෙනෙක්ට ප්‍රසෝස් කරනවා කියලා මතක් වෙද්දිත් පපුව ඇදුම් කනවා.. මං කල්පනා ලෝකෙ ඉද්දි බොසා මගෙ කන ළඟට තොල් ගෙනත් කතා කරා....


"ඉඩ දුන්නොත් මගෙ හිත එළිය කරන්න පුලුවන්ද.. ම්ම්....?"

එයා බර හඬකින් එහෙම කියද්දි මගෙ ඇඟ දිගේ හිරියක් ගියා.. බොරු කියන්න ඕනෙ නෑ ඇඟේ හිරිහඩු පිපුනා.. බයකට නෙමෙයි.. ඒ පහස නිසා.. මං කරන්නෙ වැරැද්දක් වෙන්න ඇති.. එහෙනම් එයා කරන්නෙත් වැරැද්දක්... මං දන්නෙ නෑ මේ හැඟීම මොකද්ද කියන්න.. ආදරේද වෙන එකක්ද දන්නෙ නෑ..ඒත් මට එයා ළඟ ඉන්න මොහොතේ උපරිම ඒක විඳින්න ඕනෙ.....

විසේකාරයා🤍Where stories live. Discover now