part 12💚❤️

626 70 1
                                    

මං මොනවා දැක්කා කියලද හිතන්නෙ....

නෑ.. මං මොනවත් දැක්කෙ නෑ.. කාමරේ පුරාම කලුවර විතරයි......

හැබැයි බැල්කනි එක දිහාවෙන් පොඩි එලියක් එනවා මං දැක්කා.. එයා බැල්කනි එකට යන වීදුරු දොර වහලා තිබුන නිසා ඒ මොන එලියක්ද කියලා මට හිතාගන්න බැරි වුනා.....

මං හිතුවෙ එයා කාමරේට ආවට පස්සෙවත් මාව බිමින් තියයි කියලා.. ඒත් නෑ..  එයා මාවත් උස්සගෙන ම බැල්කනි එකට යන දොර ළඟට ගිහින් මට ඇස් වලින් දොර අරින්න කියලා ඉඟි කරා....

දෙවියනේ.......

බැල්කනි එක මැදම ටේබල් එකක් තියලා ඒ මැදින් ලොකු රතු පාට කැන්ඩ්ල් එකක් පත්තු කරලා තව බැල්කනි වැට දිගටමත් පොඩි පොඩි කැන්ඩ්ල්ස් තියලා... මුලු බැල්කනි එකටම ඉටිපන්දම් එලි විතරයි.... මාරම ලස්සනයි.. ඒ වගේම අර මේසෙ උඩ තියෙන කැන්ඩ්ල් එක වටේට ප්ලේට්ස් වගයක් වහලා තිබුනා... ඉටිපන්දම් එලියෙන් බැල්කනි එකේ උඩ එල්ලලා තියෙන ලස්සන පොඩි පොඩි මල් පැල පේනවා.. හරිම ලස්සන විව් එකක් පේන්නෙ ඇතුලෙ ඉඳන් බලද්දි.. මේ මං එයාගෙ බැල්කනි එකට ආව පලවෙනි පාර...


මේ මනුස්සයා එක්ක නම් බෑ බන්.. මං මේ වටේම සිරි නරඹන්නෙ තාම එයාගෙ අත් වල ඉඳන්.. බර නැද්ද මන්දා.. බිමින් තියන්නෙත් නෑ...

මං වටේ ලස්සන බලලා ඉවර කරලා එයා දිහා බලද්දි...දෙයියනෙ.. මේ මනුස්සයා මෙච්චර වෙලා බලන් ඉඳලා තියෙන්නෙ මගෙ මූණ දිහා.....

එයා හිනාවෙලා මගෙ තොල් උඩින් පෙක් එකක් තියලා මාව උස්සගෙනම ගිහින් ටේබල් එකේ දෙපැත්තෙ තියලා තිබ්බ පුටුවකින් තිබ්බා.....

මේ මනුස්සයා මාර ආදරණීයයි කියන්න මං මේ දවස් දෙක තුනට දැනගත්තා...

මාව පුටුවෙන් ඉන්දවපු එයා මගෙ ඔලුව අතගාලා කාමරේ ඇතුළට ගියා.. එයා ආයෙ ආවෙ වයින් බෝතලයක් අතේ තියාගෙන.....


වයින් බෝතලේ මේසෙ උඩින් තියපු එයා ගිහින් මගෙ ඉස්සරහින් තිබුන පුටුවෙන් වාඩි වුනා.....

"දන්නවද.. මාස ගානක් මං උඹ දිහා බලන් හිටියා බන්.. මං ළඟ මීයා වගේ ඉඳලා අනිත් ඉන් එක්ක ඇස් කරක කරක කතා කරද්දි බලන් ඉන්න ආස හිතෙනවා.. මං බය වුනා උඹ මට කැමති වෙන්නැති වෙයි කියලා-"


විසේකාරයා🤍Where stories live. Discover now