ඔෆිස් එකට ආවත් වෙනදා වගේ උවමනාවෙන් වැඩක් කරගන්න බැරි තරමට හිත කලබලයි.. කොච්චර අමතක කරන්න හැදුවත් මතක් වෙන්නෙම් හෙට ශාරද් එයා ආදරේ කරන් කෙනාගෙන් ආස්ක් අවුට් කරනවා නේද කියලා...
කොහොම හරි ඔෆිස් එකේ වැඩ ඉවර කරලා ශාරද් එක්කම ගෙදරට ආවත් එන ගම දිගට මං වචනයක්වත් කතා කරේ නෑ.. එයාටත් ඒක අමුතු නිසා සැරෙන් සැරේ මං දිහා බැලුවත් මං අවධානයක් දුන්නෙ නැති නිසා කතා කරන්න ආවෙ නෑ.. ගෙදරට ආපු ගමන් එයා කාර් එකෙන් බහින්නත් කලින් ම බැහැපු මං යතුරත් අරගෙන ගිහින් දොර ඇරගෙන කෙලින්ම ගියෙ කාමරේට.. මං ගිහින් විනාඩි දෙක තුනකට විතර පස්සෙ එයත් ගේ ඇතුළට ඇවිත් දොර වහනවා ඇහුනත් මං කාමරේ දොර වහලා බාතෲම් එකට ගිහින් ශවර් එක යටට වෙලා හිතේ තියෙන දුක මිශ්ර වුන අමුතු හැඟීම නැති වෙලා යනකන්ම ඇඬුවා.. ඒක පිස්සු වැඩක් වෙන්න ඇති අයිති නැති කෙනෙක් වෙනුවෙන් අඬන එක..ඒත් වෙලාවකට අඬන එක තමයි තියෙන එකම solution එක..
එක එක අය තමන්ගෙ දුක නැති කරගන්න එක එක දේවල් කරනවා.. සමහරු දුක නැති වෙනකන් ම අඬනවා.. සමහර අය ඒක ආවේගයක් තරහවක් විදියට පිට කරනවා.. සමහරු එක එක esthetic දේවල් කරනවා.. සතුට වුනත් එයාලා විඳගන්නෙ වෙනස් විදියට.. සමහරු ඒක තව අය එක්ක බෙදාගන්නවා.. තවත් අය නටනවා සින්දු කියනවා.. සමහරු පරිසරය එක්ක ඒ හැඟීම විඳගන්නවා.. ඒක ඒ ඒ කෙනාට ආවේණික විදියටයි වෙන්නෙ....
කොහොම හරි දුක නැති වෙනකම් කියලා මං පැයක්වත් ශවර් එක යට ඉන්න ඇති.. මං ඇඳුම් ඇඳගෙන ඔලුවත් පිහන ගමන් කාමරේට එද්දි මං දැක්කා කාමරේ තිබුන ටේබල් එක උඩ කෝපි මග් එකක් තියෙනවා.. උණු එකක්.. එයා ගෙනත් තියන්න ඇති.. ඉතින් මං මේ මනුස්සයට බැඳෙන එක වැරදිද....
කෝපි එකක් අරගෙන ම මං පහළට යද්දි එයා ලැප් එක දිගෑරගෙන සෝෆා එකට වෙලා වැඩක්.. මං එයාට disturb නොකර ඊට එහා පැත්තෙ තිබුන තනි සෝෆා එකෙන් ඉඳගෙන කෝපි එක බිව්වා.. මං කතා නැති නිසාමද කොහෙදෝ එයා සැරෙන් සැරේ මං දිහා බලනවත් මං ඇස් කොණින් දැක්කා.. ඒත් එයා එක්ක මං තවත් ළඟින් ආශ්රය කරොත් මට එයාව අත් අරින්න බැරි වෙයි කියලා මං මගෙ හැඟීම් හංගගෙන හිටියෙ...