පහුවදා උදේ ම මේ ලෑස්ති වෙන්නෙ දෙන්නත් එක්කම ඔෆිස් යන්න.. දැන් නම් ලිවින් ටුගෙදර් වයිබ් එකක් දැනෙන්නෙ.. ඇයි දෙන්නා එක්ක වැඩට යනවා ආපහු එනවා උයනවා කනවා බොනවා නිදාගන්නවා.. මෑරීඩ් කපල් එකක් වගේ...
ඒත් තාම මැරි කරලා නැති නිසා එක රූම් එක ශෙයා කරගන්න අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඕනෙ නෑ.. තාම යාලුවෙලත් දවසයි.. විකාර.. එයා නම් ගෙදරින් අහන්න හැදුවත් මං එයාව නතර කරේ අපි දෙන්නා ටිකක් එකට ඉඳලා ආශ්‍රය කරලා ගෙවල් වලට කියමු කියලා.....
"නේත්‍ර.. බබා ඔයා ඉවර නැද්ද තාම...."
යාහ්...මේ මනුස්සයා වෙලාවට වැඩ නිසා ඒකෙන් වදේ මට.. මට ඉතින් වෙලාවට වැඩ කරලා පුරුද්දක් නෑනෙ..
'ඉවරයි.. ඉවරයි.. මේ එනෝ.....'
මං ලෑස්ති වෙලා බෑග් එකත් අරගෙන පහලට යද්දිත් එයා බත් පිඟානකුත් අරගෙන මං ළඟට ඇවිත් එයත් කන ගමන් මටත් කැව්වා.. මෙහෙම හිටියට මේ මනුස්සයා හරි ආදරණීයයි.. මට ඉතින් ඕක තේරුනේ නෑ.. ඇයි ඉතින් ආව දා ඉඳන් මාව මරාගෙන කන්න හදපු එකනෙ කරේ....
කෑම කාලා මං කාර් එකට ගිහින් ඉඳගෙන ඉද්දි එයා දොර ලොක් කරලා කාර් එකට ඇවිත් මාත් එක්ක හිනාවුනා....
"බබා මට අද ටිකක් කලින් එලියට යන්න වෙනවා.. කපිලට කියන්නම් ඔයාව හවසට ගෙදරින් දාන්න කියලා..."
අයියෝ..
ඔයා කොහෙද යන්නෙ.....
මං එහෙම අහද්දි එයා එක අතකින් මගෙ ඔලුව අතගාන ගමන් කතා කරා.....
"මට පොඩි වැඩක් තියෙනවා.. ඔයා පරිස්සමට ගෙදර එන්න හරිද..."
එහෙම කිව්ව එයා මගෙ නළලට හාදුවක් තිබ්බා....
සුදු සිනිදු මල් පෙති වගේ
ගිලිහි යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන බැඳීහමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි.....සින්දුවකුත් අහන ගමන් විනාඩි විස්සක් විතර ඇතුළත එයයි මායි ඔෆිස් එකට ආවා.. මාව ගේට් එක ළඟින් බස්සලා එයා කෙලින්ම කාර් එක පාක් කරලා එන්න ගිය නිසා මං එයා එනකම් නොඉඳ ඇතුළට ගියා.. ඇතුළට ගිහින් මං මුලින්ම කරේ එයා මට පවරලා තිබුන රාජකාරිය.. කෝපි එක.. කෝපි එකත් හදාගෙන එයාගෙ කැබින් එක ළඟට ගිහින් මම දොරට තට්ටු කරා.. ගෙදරදි කොහොම වුනත් ඔෆිස් එකේදි ඒ මගෙ බොස්නෙ.. ඇතුළට එන්න සිග්නල් එක ලැබුන නිසා කෝපි එකත් අරගෙන ඇතුළට ගිය මාව දැක්ක එයා මාත් එක්ක හිනාවුනා.....
මං යන්නම්.....
කෝපි එක මේසෙ උඩින් තියලා එන්න හදද්දි එයා නැගිටලා මගෙ අතින් අල්ලගත්තා.. මං බය වුනා කවුරු හරි දකී කියලා.. ඒත් කවුරු හරි එනවනම් දොරට තට්ටු කරලනෙ එන්නෙ.....
"ඇයි හදිස්සි..ම්ම්ම්ම්...."
මෙයාගෙ මේ ම්ම් කෑල්ල නම් පිස්සු හැදෙනවා.. එයා ඒක කියන්නෙ අමුතුම විදියකට.....
නෑ ඉතින් නිකම්.. ගොඩක් වෙලා මේක ඇතුලෙ ඉන්න බෑනෙ.....
"හ්ම්ම් හ්ම්ම්.. යන්න කලින් එකක් දීල යනවකො බබා....."
මොකද්ද....
එයා කියන දේ දැන දැනම මම නොදන්නවා වගේ මොකද්ද කියලා ඇහුවා....
"කිස් එකක්.. දීල යන්නකෝ...."
එයා පොඩි එකෙක් වගේ කියද්දි මට හිනා ගියා.. මං එහෙම්ම එයා ළඟට ගිහින් එක කම්මුලකට කිස් එකක් දුන්නම එයා අනිත් කම්මුලත් දික් කරා.. කෝලම...
............................................................................
මං හිටියෙ ගෙදර යන ගමන්.. එයාව උදේ දැක්කට පස්සෙ දැක්කෙ නෑ.. ගෙදර ඇවිත්ද නැද්ද දන්නෙත් නෑ.. කෝල්ස් ආන්සර් කරන්නෙත් නෑ....
මං කපිල එක්ක ඇවිත් එයා මට දීලා තිබුන යතුරෙන් දොරත් ඇරගෙන ඇතුළට යද්දි ගේ ඇතුලෙ කලුවරයි..එයා තාම ඇවිත් නැද්ද කොහෙද... ලයිට්ස් ඔන් කරත් වැඩක් නැ.. කරන්ට් නැද්ද කොහෙද....
මං ෆෝන් එකේ ටෝච් එකත් ගහගෙන කාමරේට ගිහින් ඒ එලියෙන්ම බාතෲම් එකට ගියෙ වොශ් එකක් දාගන්න.. මට කොගෙ හරි ගිහින් ආව ගමන් වොශ් දාන්න ඕනෙ.. වොශ් දාගෙන ඇවිත් බලද්දිත් කරන්ට් ඇවිත් තිබුනෙ නෑ.. පහලට යන්න කියලා ටෝච් එකත් ගහගෙන එද්දි මාව කවුරු හරි හරහට උස්සගත්තා.. ඒ එයා.. මට එයාගෙ පර්ෆියුම් සුවඳ අඳුනන්න පුලුවන්.. එයා කොයි වෙලාවෙද ආවෙ.....
අයියෙ.....
මං කතා කරත් එයා නෙමෙයි වචනයක්වත් කිව්වෙ.. මං ටෝච් එක එයාගෙ මූනට ගහද්දි එයා ඉන්නවා කට කොනකින් හිනාවේගන.. මං ඉතින් මොනවත් නොකියා එයා මොකද කරන්නේ බලන් ඉද්දි එයා මාවත් උස්සගෙනම ආවෙ එයාගෙ කාමරේට....
කාමරේ ඇතුළට ආව ගමන් මං දැක්ක දේ... දෙවියනේ......
නේත්‍ර මොනවද දකින්න ඇත්තෙ🤔
මොකද හිතෙන්නෙ.....
Kim Soowon🤍🌿