part 10💚❤️

613 77 4
                                    

මං හිටියෙ එයාගෙ ගෙදර මගෙ කාමරේ ඇඳ උඩට වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා ලෝකෙක ගිලිලා.. මට නිකමටවත් හිතුනෙ නෑ මේ වගේ දෙයක්.. එයා ඕන තරම් ඉඟි දුන්නා.. ඒත් මට ඒවා තේරුනේ නෑ.. මටම කියලා ඩිසයින්ග්ස් තෝරලා මාත් එක්කම ගිහින් හැම වැඩක්ම ප්ලෑන් කරලත් මට ඒක තේරුම් ගන්න බැරි වුනා.. සමහර අය කියයි එතන සප්‍රයිස් එකක් නෑනෙ කියලා.. නැත්තෙ මොකද දෙයියනේ.. මං මේ සප්‍රයිස් වෙලා ඉන්නෙ.. මට මේවා නොතේරුන එක නිසා මාව සප්‍රයිස් වෙලා ඉන්නෙ..


කල්පනා ලෝකෙ ගිලිලා ඉද්දි මට ඇහුනෙ එයා කාමරේ දොරට තට්ටු කරන සද්දෙ...


"නේත්‍ර ඔයා නිදිද...?"

එයා කතා කරද්දි මං ඇඳෙන් ඉඳගෙන ගලවලා දාලා තිබුන ෂර්ට් එකත් අරගෙන ඇඳගත්තා...

න්..නෑ ශාරද් එන්න...

මං එන්න කියනවත් එක්කම එයා දොර ඇරගෙන ලස්සන හිනාවකුත් එක්කම කාමරේ ඇතුළට ආවා.. මේ මනුස්සයා හරි ලස්සනයි අනේ.. හීනි නහය, හීනි ඇස්, හිනි තොල්... ආහ්හ්හ්.. මේ මනුස්සයගෙ හැම දෙයක්ම පිස්සුවක්....


"මොනවද ඔච්චරටම මං දිහා බලන් කල්පනා කරන්න තියෙන්නෙ මගෙ නේත්‍රට...."

මගෙ ඇඟත් එක්ක මොකද වුනා.. එයා කිව්වෙ එයාගෙ නේත්‍ර කියලද...

ඔ..ඔයාගෙ නේත්‍ර...?

"හ්ම්ම්.. ඇයි මගෙ නෙමේද..ම්ම්..? දෙන්න බෑද මේ අත් වල අයිතිය....?"


මං ඒ වචන වලට කොහොමද උත්තර දෙන්න ඕනෙ.. මේ මනුස්සයා මාව පණ පිටින් මරයි වගේ.. හවස ආදරෙයි කියන්න කලින් හිටපු මනුස්සයා නෙමෙයි දැන් ඉන්නෙ...


"මොනවද කල්පනා කරන්නෙ.. කැමති නැද්ද...."

අ..අනේ එහෙම නෙමෙයි....

"එහෙම නෙමෙයි  නම් කොහොමද.. ම්ම්ම්..?"

ඔයාගෙ වචන මට බර වැඩියිනෙ ශාරද්...


එහෙම කියද්දි එයා හිනාවුනා.. හිනාවෙලා එයාගෙ ඇඟිලි දෙක එකතු කරලා මගෙ නහයට තට්ටුවක් දාලා මගෙ අතින් අල්ලගෙන සාලෙට එක්කගෙන ඇවිත් කොණක තියලා තිබුන ගිටාර් එක අරන් ආවා.. එයාට සින්දු කියන්න පුලුවන්ද.....

විසේකාරයා🤍Where stories live. Discover now