"සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඉදිරි දින 2 තුල නිකුත් වන බව අධ්‍යාපන කොමසාරිස් මාධ්‍ය හමුවකදී පවසයි.."
පුතේ,tv එක off කරල පාඩම් කරන්න පටන් ගන්න,ඊලගට විබාගේ ලියන්න ඉන්නේ ඔයාලා..අම්ම කැ ගහනව ඇහුන.
"හරි හරි අම්මේ,පස්සේ පාඩම් කරන්නම් කො,දැන්ම පාඩම් කරන්න ඕනි නැ තව කල් තියෙනවා නෙ.."
තව කල් තියෙනවා කියල ඉදල හරියන්නේ නැ ළමයෝ..පාඩම් කරන්න පටන් ගන්න දැන් ඉදන්.
"හ්ම් හ්ම් අනේ 😪"
"වෙලාව උදේ 6.25 යි,ඉස්කෝලේ යන්න හොදටම පරක්කුයි,අද නම් දුවන්න තමයි වෙන්නේ මට.."
අම්මේ,අම්මේ..
මොකද ළමයෝ උදේ පාන්දර කැ ගහන්නේ?
"නැ නැ,මම මේ කො කියල බැලුවේ,මට අද පරක්කුයි ඉස්කෝලේ යන්න ඒ නිසා මට අද උදේට කන්න බැ අම්මේ."
ඔහොම නොකා නොබී ගිහින් ලෙඩ හදාගෙන එන්නකෝ මම ලගට..
"හරි හරි අනේ..මම එහෙනම් යනවා අම්මේ.."
හරි පරිස්සමින් ගිහින් එන්න පුතේ.
මම ඉස්කෝලේ ට යන්නේ ගොඩක් වෙලාවට පයින්,මොකද මම ආස පරිසරය දිහා බල බලා යන්න,ඒ වගේම මට සෙනග ගොඩක් ඉන්න බස් වල යන්න බැ,මොකද,මට හුස්ම ගන්න අමාරු වෙනවා..
මියුරූ..මොකද ළමයෝ ගිය සතියේ දීපු ගෙදර වැඩ ටිකවත් කරල නැත්තේ,අනේ මන්දා ඔයාලා වගෙ ළමයි නම් කොහොම සාමාන්‍ය පෙළ වගෙ විභාගයක් පාස් වෙයිද කියල..
"මම ලෙඩ වෙලා හිටියේ මිස්" මම බොරුවක් කිව්වා..🙂
හරි එහෙනම් ඊළග දවසේ එද්දී ලියාගෙන එන්න ඕනි,හරිද?
"ම්ම්,හරි මිස්.මම ලියාගෙන එන්නම්.."
"මේ බං,මට ඉතිහාසය පොත දියන්කෝ,අර මිස් මාව කන්න හදනවා ගෙදර වැඩ කරල නැ කියල.."
ආ ගනින්,මමත් අරුන්ගෙන් අහගෙන ලිව්වේ,ඕව හරිද නම් දන්නේ නැ..
"කමක් නැ බං,අර උන්දැගෙන් බේරෙන්න ඕනිනෙ"
අම්මෝ ඔව් ඔව්,නැත්නම් කනක් ඇහිල ඉන්න නැ නෙ බං අපිටත්..
කට්ටියම එලියට ගියා සෙල්ලම් කරන්න..මම පන්තියට වෙලා අර පොතේ තිබ්බ ටික ඒ විදිහටම මගේ පොතේ ලියා ගත්ත.ටිකකින් වෙලාව බලනකොට 1.20 යි..මම ගෙදර යන්න ලැස්ති උනා..
ඉස්කෝලේ ළග කඩෙන් 10 අයිස් පැකට් එකකුත් අරගෙන සුපුරුදු පරිදි මම ගෙදර අවා..
කුඩේ ඉහලගෙන එන්න එපැයි ළමයෝ,අව්ව සැරයි නෙ..ඔහොම අව්වේ අවොත් නම් කළු වෙයි..
"හරි අම්මේ,ඊළග දවසේ ඉදන් කුඩේ ඉහලගෙන එන්නම්"
යන්න ගිහින් නාගෙන එහෙම කෑම කන්න.මම ඉස්කෝලේ ගිහින් ආපු ගමන් නානව,එතකොට මට සිතල නැති නිසා.මම ඉස්සර ඉදන් පිරිසිදුවට ඉන්න කැමැති කෙනෙක් නිසා මම හැමදාම වගේ නානවා.කිසිම දේශගුණික විපර්යාසයකට බැ එක නවත්තන්න.
මම ඉතින් නාල එහෙම සුපුරුදු පරිදි Facebook එක පැත්තට ගියා.
"අම්මෝ මේකේ අද නම් තියෙන්නෙම o/l result sheets නෙ,අද නම් මට එපා වෙයි.."
මම එහෙම හිතන් ගමන් තිබ්බ story වලට මාරු වේවි හිටිය.ඊට පස්සේ එයට ඒවා බලලා එපා වෙලා එයා phone ඒකත් පැත්තකින් තියල නිදාගන්න ගියා.මම මහන්සි දවස් වලට සාමාන්‍යයෙන් ඉස්කෝල් ගිහින් අපූ ගමන් නාගෙන නිදා ගන්නවා.මේ දවස් වල තියෙන අව්වත් නිසා හොදටම අමරුයි ඇස් දෙකත් ඇරගෙන ඉන්න.
මම අයෙත් හවස් වෙලා නැගිටලා මුණත් හෝදගෙන ඇවිත් ඉස්කෝලේ දීපු වැඩ ටික කරල tv බලන්න පටන් ගත්ත.මම ඉස්කෝලේ වැඩ කරල ඉවර වෙද්දී 9 ට වගේ වෙලා අම්ම කන්න එන්න කිව්ව නිසා tv ඒකත් වහල මම කන්න ගියා.කාල ඇවිත් ආයෙත් නිදිමත නිසයි හෙට ඉස්කෝලේ නිසයි මම අයෙත් නිදාගන්න ගියා.
YOU ARE READING
Lavender (ලැවෙන්ඩර්)
RomanceA/l සඳහා අලුත් පාසලකට ගිය මියුරුට 13 වසරේ සිතාර ගැන ඇති වෙන ආදරය,දෙමාපියන්ගෙන් සිදුවූ බලකිරීම් මැද මේ දෙන්නගේ ආදර කතාව මොන විදිහට ඉදිරියට යයිද..? Bl story