part 12

12 1 0
                                    

මම උදේම සිතාර අයියලාගේ ගෙදර ගියා.එයා එළියේ පෙන්න හිටියේ නැති නිසා මම එළියේ ඉදන් කෑ ගැහුව.

"සිතාර අයියේ...සිතාර අයියේ..මම ආවෝ..!"

මම කෑ ගගහා ඉද්දි සිතාර අයිය තුවායකුත් ඇඳන් එළියට ආව.මම කට ඇරන් එයා දිහා බලන් හිටිය.එයාත් උඩ බිම බලල මට ඇතුලට එන්න  කියල දොර වහගත්ත.

"මොකද දොර වැහුවේ,මට බයෙත් බැ දැන්නම් " මම සිතාර අයියගේ ඇගට ඇඟිල්ලකින් ඇනල කිව්වා.එයා ඒ ගමන් හිනා වෙලා මගේ මූන දිහා බලල ඇහැක් ගැහුව.

"මම wash එකක් දාගෙන එන්නම් මියුරු,ඔයා එතකම් ඉන්න පොඩ්ඩක්.මම ඉක්මනින් එන්නම්..ම්ම්ම්"

"අනේ මට තනියම ඉන්න කම්මැලි අයියේ" මම කම්මැලිකමේ ඇබරි ඇබරි කිව්වා.ඒ කියල ඉවර වෙන්න උනේ නැ සිතාර අයිය වල් හිනවක් දාල මම දිහා බැලුව.

"එහෙනම් ඔයත් එන්න මම wash දානව බලන් ඉන්න " හිනා වෙවී කිව්වා.

"අනේ මරු විහිලුව.හරි හිනා.මම ගුලි කාල වගේ හිනා වෙන්නම් නේද එහෙනම් " මම රවල කිව්වා.ඒත් මේ මෝඩයා හිනා වෙනවා.මම උගෙ පස්සට සටාල් ගාල පාරක් ගහල wash එකක් දාගෙන එන්න කිව්වා.ඒ ගමන් එයා ගියා.මමත් ගේ පුරා ඇවිද ඇවිද වටපිට බල බල හිටිය.

"සුදූ ,මම ආවෝ..කො ඔයා..?"

"මම මෙහෙ.."මම කාමරේ ඉදන් කෑ ගැහුව.ඒ ගමන් සිතාර අයියත් කාමරේට ආව.මේක තවත් අර තෙත ටවල් එක පිටින් එහෙ මෙහෙ සක්මන් කරල තියෙන්නේ.අනේ මෙහෙමත් ලැජ්ජනැතිකමක්.

"ඇදුමක් දාගන්නෙ නැද්ද..?" මම ඇහුව.

"දාගන්න ඕනි ඒත් ඊට කලින් කරන්න වැඩ තියෙනවා." කියල අයෙත් වල් විදිහට මම දිහා බැලුව.මම ඇඳෙන් නැගිටල එයා ලගට ගියා.

"මොනවද ඒ..ම්ම්..?"

"ඇස් පියා ගන්නකෝ සුදූ " ඒ කියපු විදිහට මට‍ තවත් එයා කියපු දේ අහක දාන්න මගේ හිත ඉඩ දුන්නේ නැ.මගේ ඇස් පියවුනේ මටත් නොදැනිම.

ඒ එක්කම මට දැනුන එයා මගේ මූන අල්ලගන්නවා.එයා එකපාරටම මාව බදාගෙන මාව කිස් කරගෙන ගියා හරියට ජිවිතේ වටිනම දේ හම්බුවෙලා වගේ.සිතාර අයියගේ තොල් හරියට මල් පෙති වලටත් වඩා සිනිදුයි.ඒ වගේම එයා ලඟින් එන ඒ ලැවැන්ඩර් මල් සුවඳ මාව මත් උනා වගේ.මගේ හැඟීම් පාලනයෙන් පිට‍ ගියා.මමත් එයාව හයියෙන් බදාගෙන කිස් කරා මට ඇති වෙනකම්.එයාගේ ඒ ඇස් වල තිබුනේ අමුතුම වචන වලින් විස්තර කරන්න බැරි ලස්සනයක්,එළියක් වගේ දෙයක්.එක නිසා මගේ හැඟීම් තවත් ඇවිස්සුනා.

Lavender (ලැවෙන්ඩර්)Where stories live. Discover now