part 19

9 1 0
                                    

"උබ දන්නවනේ බං මම දැන් මාස ගානක ඉදන් සතිර අයිය ගැන කියෙව්වේ උබ එක්ක,උබ හිතන්නේ ඇයි මම එහෙම කියෙව්වේ..?" ධනුක අහපු ප්‍රශ්නේ ඉස්සරහ මම නිරුත්තර උනා.

සතිර අයිය කියන්නේ සිතාර අයියගේ පංතියේ ළමෙක්,සිතාර අයියගෙත් යාලුවෙක්,දෙන්න හොද යාලුවෝලු ඉස්සර ඉදන්ම.ටිකක් උස,මහත නම් එච්චරම නැති උනත් සාමාන්‍ය ලස්සන පෙනුමක් සතිර ට තිබුණ.ඒ වගේම සතිර අයියටයි සිතාර අයියටයි දෙන්නටම මේ වෙනකන් කෙල්ලෝ ඉදලත් නැ.

"ඒක..ඒක..අනෙ මන්දා බං.දැන් මොකද උනේ කියල මට හරියට කියපන්කො බං "මම අයෙත් ඇහුව.

"සතිර අයිය කෙල්ලෙක් පස්සෙන් යනොලු බන්,මට එකට මාර අවුල්.මට හිතාගන්න බැ බං ඒ ඇයි කියල" ධනුක මගේ මුණ දිහා බලාගෙන කියද්දී අයෙත් ඇස් දෙකට කඳුළු ආව.

"උබ කියන්න හදන්නේ උබ සතිර අයියට කැමති කියල ද..?"

"ම්ම්ම්..ඔව් බං.මටත් එහෙම හිතෙනවා.ඒත් සතිර අයිය කෙල්ලෙක් පස්සෙන් යනවලු බං.මට එයව ඕනි.උබ මොකක් හරි කරපංකෝ.සිතාර අයියට කියල බලපංකො....ප්ලීස් බං " ධනුක මගේ අත් දෙකම අල්ලගෙන කිව්ව.මට ඒ වෙලාවේ දැනුනේ ලොකු අවුලක් මොකද මූ මෙහෙම දුකෙන් ඉන්නවා කලින් දැකල නැති නිසා..

"හරි ධනුක.මම අයියට හෙට exam ඉවර උන ගමන් කියන්නම්.මේ දවස් දෙක තුනට පොඩ්ඩක් ඉවසපන් බං.මම ප්‍රොමිස් වෙනවා මේක කරල දෙනව කියල.ඒ නිසා උබ හිනාවෙලා ඉදපන්.ඔය දුක් මුණ උබට ගැලපෙන්නේ නැ"

"හ්ම් බන්,එහෙනම් උබ exam ඉවර උනාම කියපන්කො.මම එතකම් ඉන්නම්"

"හරි එහෙනම් අපි යමු " මම බිල් ඒක ගෙවන්න හදද්දී ධනුක පර්ස් ඒක අරන් බිල් එක ගෙව්වා.

"ඊලග පාර මම " මම කිව්ව.ධනුක හිනා උනා.අපි දෙන්න එලියට ඇවිත් සමුදීල ගෙවල් වලට ආව.මම wash එකක් දාගෙන ටිකක් නිදාගත්ත.මගේ ප්‍රශ්න ගොඩට තවත් ප්‍රශ්නයක් එකතු උනා.මමම මේ ප්‍රශ්න ටික විසඳගන්න ඕනි කියල මතක් වෙද්දී ඔලුව පුපුරන්න වගේ එනවා.ඒත්,කරන්න දෙයක් නැ මම ශක්තිමත්ව ඉන්න ඕනි.

මේ විදිහට exam දවස් ටික ගෙවීගෙන යමින් තිබුණ.හෙට අන්තිම දවස නිසා මම සිතාර අයියලගේ ගෙදර යන්න හිතුව මොකද ධනුක මේ දවස් ටිකේම කෝල් කර කර අඬ අඬ අවුලෙන් ඉන්න නිසා.

Lavender (ලැවෙන්ඩර්)Where stories live. Discover now