part 15

13 1 0
                                    

පහුවෙනිදා මම ඉස්කෝලේ ගියත් ධනුක ආවේ නැ.මම ඒ නිසා හිටියේ ගොඩක් පාළුවේ කියල අයියා දැකලද කොහේදෝ මට එයාලගේ පංතියේ ඉන්න කිව්වා එයාලගේ පංතියේ අයත් ඉස්කෝලේ එන්නේ නැති නිසා.මමත් ඒ නිසා ගිහින් එයාල එක්ක කතා කර කර හිටිය.එදා Art එකේ මිස්ලත් ඇවිත් හිටියේ නැති නිසා ඉගෙන්නුවෙත් නැ.ඒ නිසා මම හිටියේ කම්මැලිකමේ.

"කම්මැලි නේද අයියේ "

"ඔව් මියුරු,කරන්න දේකුත් නැනෙ අපිට‍"

"අයියේ ඔයා music කරනවනේ,මට සින්දුවක් කියන්නකෝ "

ඒක මගේ ආදරණිය ආයාචනයක් නිසා අයියට ඒක අහක දාන්න බැරි උනා.

"හරි එහෙනම් අහන් ඉන්න මේක ඔයා වෙනුවෙන් මගේ සුදූ..."එයා guitar එක අතට ගත්ත.

"අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රළ කෙතරම්
එතරම් මිහිරී ඔබ මට‍ නම්..."

"Wow..Wow..it's sooo beautiful " මම ගත් කටටම කිව්වා.

"Thank you sudu.."

"මමත් කොටසක් කියන්නද ඔයා වෙනුවෙන්..?"

"අනිවර්යෙන් සුදූ..ඔයා සින්දු කියනවා අහලම නැ මම..මම play කරන්නම් ඔයා පටන් ගන්න.." කියල අයිය guitar එක play කරන්න පටන් ගත්ත.ඒ music එකට මම හරිම ආසයි.

"සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා..නැතුවා..
තිස්සෙම මං වට‍ දැවටෙනු කුමටද
අහන්න මට සිතුනා..සිතුනා.."

"ශා සුදූ..ඒක නම් මාරයි.ඔයා ලස්සනට සින්දු කියනවනේ "අයිය guitar එක පැත්තකින් තියල මගේ අත අල්ලන් කිව්වා.මම ලැජ්ජාවේ හිනා උනා.

"මම ඉතින් ඔයා වටේ නැතුව වෙන කා වටේ දැවටෙන්නද සුදූ..?"

"ඔව් ඔව්,වෙන අය වටේ කැරකෙන්න ගියොත් මම ඔයාව කාරකවනවා " මම හිනා වෙලා කිව්ව.

ඔහොම කතා කර කර ඉද්දි sports meet එකට තරග වලට ඉන්න අයට නම් ලියන්න කොලයක් කොච් ගෙනත් අයියට දුන්න.ඒ කොලේ 12,13 Art එකේ ඉන්න තරග වලට ඉන්න හැමෝගෙම නම් ලියල ගෙනත් දෙන්න කියල කොච් ගියා.

"මමත් badminton play කරනවා අයියේ..මගේ නමත් ලියන්න ඔයා"

"ඔයාට විශ්වාසද මියුරු,ආයේ බැ කියල හිතුනොත් වෙනසක් කරන්න වෙන්නෙත් නැ"

Lavender (ලැවෙන්ඩර්)Where stories live. Discover now