"ඔයා හදන්න දන්නවා නේද අයියේ..?"මම අයියගේ කර උඩින් බැහැල ඇහුව.
"ඔව් ඔව් සුදූ,ඔයාගේ අයිය ඕනි දෙයක් හදන්න.."කමිසයේ කොලර් එක උස්ස අයිය කිව්ව.මට ඒකට හයියෙන් හිනා ගියා.පිස්සු කෝලම මගේ..
"මොකද හිනා වෙන්නේ..?"
"නෑ නෑ නිකම්.."කියලඒ ළඟ තිබුණ පුටුවකට වෙලා අයිය රයිස් එක හදන දිහා බලන් හිටිය.ලිප පත්තු කරල අත් දෙක බැඳගෙන මම දිහා බලන් හිටිය.
"මුලින්ම බාස්මතී හාල් කෝප්ප දෙකක් රයිස් කුකර් එකට දාන්න.." මම ඔලුවට අත තියාගෙන කිව්ව.
"හරි හරි සුදූ,මම දන්නවා.මම මේ නිකන් ඔයා දිහා බැලුවේ.."
"ආහ් හරි එහෙනම් මම උඩට ගිහින් මගගේ වැඩ ටිකක් තියෙනවා ඒ ටික ඉවර කරල එන්නම්.,හරිනේ..?"
"හරි සුදූ,ඔයා වැඩ ටික කරගන්න.මොනවා හරි උදව්වක් ඕනි උනොත් මට කතා කරන්න..ම්ම්ම්" අයිය හාල් මනින ගමන් කිව්ව.
"හරි අයියේ.."
මම උඩට ගිහින් After A/l කරන්න හොඳ private degree එකක් හෙව්වා.ධනුකත් මම එක්ක degree එක කරන්න එනවා කිව්ව නිසා මට ලොකු අවුලක් උනේ නෑ.ඒත් ධනුක degree එකක් කරන්න කැමති උනේ සතිර අයියගේ බලකිරිම නිසා.කොහොම උනත් දෙන්න තේරුම් අරන් මේ විදිහට ඉන්න එක ගැන මට යාලුවෙක් විදිහට තිබුනේ ලොකු සතුටක්.
මම මගේ වැඩ ටික ඉවර කරල අයිය මොනව කරගෙනද බලන්න ආයෙත් පහල කුස්සියට ගියා.එයා ලිප ලඟට වෙලා ලිප දිහා බලාගෙන හිටිය.මම හෙමින් හෙමින් පිටිපස්සෙන් ගිහින් පස්සට එකක් ගැහුව.
"ආව්..මොකද මගේ සෙස්සි පස්ස දැක්කම ගහන්න හිතෙනවද..?"
"ඔව්නේ.." මම හිනාවෙවී කිව්ව.
"කො රයිස් එකේ තත්වේ කොහොමද අයියේ..?"මම ලිප උඩ තිබුණ භාජනයට එබිලා බැලුව.මම දැකපු දෙයින් මගේ ඇස් උඩ ගියා..
"යකෝ..මේ මොකක් කරලද..?"
"ඇයි සුදූ..?" අයිය මූණත් රතු කරගෙන ඇහුව.
"කව්ද අයියේ මෙහෙම රයිස් හදන්න කියල දුන්නේ..?මේක හැදුවේ අපිට කන්නද නැත්නම් පාරේ ඉන්න බල්ලන්ට දෙන්නද..?"
YOU ARE READING
Lavender (ලැවෙන්ඩර්)
RomanceA/l සඳහා අලුත් පාසලකට ගිය මියුරුට 13 වසරේ සිතාර ගැන ඇති වෙන ආදරය,දෙමාපියන්ගෙන් සිදුවූ බලකිරීම් මැද මේ දෙන්නගේ ආදර කතාව මොන විදිහට ඉදිරියට යයිද..? Bl story