part 29

16 2 0
                                    

"සුදූ, good morning,නැගුටින්න්කෝ.." අයිය උදේ පාන්දරම ඇහැරෙව්වා.

"මොකද අනේ තව ටිකක් නිදාගන්න දෙන්නකෝ, මට නිදිමතයි.."මම රෙද්ද්කින් ඔලුව වහගෙන ආයෙත් නිදාගත්ත.

"සුදූ ඊයේ රෑ A/l result ඇවිත්, එත් ඔයා..." කියල අයිය නැවැත්තුව.

"අහ්.."මම රෙද්දත් විසික් කරගෙන එකපාරටම ඇඳෙන් නැගිට්ට.

"ඔයා.. ඔයා Fail සුදූ.." අයිය මුනත් අවුල් කරගෙන කිව්වා.

"ආ මොකක්, එත් එහෙම වෙන්න බෑනේ මම හැම paper එකටම හොඳට ලිව්වනේ අඩුම S 3 වත්.."ඒ කියද්දී මගේ ඇස් දෙකට කඳුළු අවා මොකද මෙච්චර කල් මහන්සි වෙලා ලියපු exam එක Fail වෙලා කියල දැනුනම මට ලොකු දුකක් දැනුනා.

"අඬන්න එපා සුදූ මම විහිළුවක් කලේ.. ඔයා ඉහලින්ම Pass. Agri වලට A,Geo වලට A,Media වලටත් A.. මට ඔයා ගැන මාර ආඩම්බරයි සුදූ, Congregation මගේ පණ.."අයිය මගේ කඳුළු පිහදලා මට කිස් එකක් දුන්න.

"අඩේ A 3 ක්‌ ම තියෙනවා ද, අම්මට කෝල් එකක් අරන් කියන්න ඕනි අයියේ. අම්මනේ මටත් වඩා බලන් හිටියේ result එනකම්. මට කෝල් එකක් අරන් දෙන්නකෝ, මගේ ෆෝන් එක Charge එකේ.."

"කෝල් කරන්න ඕනි නෑ සුදූ, අද අපි අම්මට ගෙදර ගිහිල්ලම මේ සුභ ආරංචිය කියමු " අයිය කිව්වා.

"ඔව් නේද අයියේ අපි දෙන්නගේ ඉස්සරහ ගැනත් කතා කරගන්න පුළුවන්නේ එතකොට.." මමත් අයිය කියපු දේ අහල අම්මලාගේ ගෙදර යන්න ලැස්ති උනා.අයිය මම wash එකක්‌ දාගෙන එද්දී Coffee එකකුත් ගෙනත් දුන්න. මම එකත් බීල යන්න ලැස්ති උනා.

"හරි අයියේ යමු.."මම Car එකට නැගල කිව්වා.

"යමු සුදූ.."

අපි කඩේකින් උදේට කැමත් කාල අම්මලගේ ගෙදරට ගියා. යන මගදී ධනුකයි සතිර අයියයිත් හම්බු උනා. ධනුකයත් A 2 යි B 1 එකයි අරන්, ඒ නිසා ධනුකලගේ අම්මලත් ගොඩක් සතුටින් ඉන්නේ කියල ධනුක කිව්වා. අපි ඒ දෙන්නටත් සමු දීලා 10.00 වගේ වෙනකොට ගෙදර අවා.

"අම්මේ.. අම්මේ.." අයිය මටත් කලින් ගේට් එකෙන් ඇතුලට ගිහින් අම්මට කතා කරා. මට හිනාත් ගියා.

"ආ පුතේ.. ඔයාලා දෙන්න ආවද..?" අම්ම හැන්දකුත් අරන් කුස්සියේ ඉදන් එලියට අවා.

Lavender (ලැවෙන්ඩර්)Where stories live. Discover now