"සු..සු..සුදූ මේ මොකද ඔයාට උනේ,ඔයා හොඳින් නේද..?" අයිය වෙවුල වෙවුල ඇහුවත් මම තව ටිකක් එයාව බය කරන්න ඕනි කියල හිතල අයෙත් හයියෙන් හිනා උනා.
"නෑ.මම හොඳින් නෙවෙයි...හහ් හහ් හහ්හ්හ්..."
මම බෙල්ට් එක උස්සල අයියට ගහන්න වගේ එයා ළගට ගිය.එයා ඇස් දෙකත් පියාගත්ත.මම එ වෙලාවේ බෙල්ට් එක විසික් කරල එයාගේ නළලට කිස් එකක් දුන්න.එයා එක ඇහැක් ඇරල බලාල අයෙත් එ ඇහැ වහල අනික් ඇහැත් ඇරල බැලුව.ඊට පස්සේ ඇස් දෙකම ඇරල මගේ මූන දිහා බලන් හිටිය.
"සුදූ ඔයා මාව බයකරා ළමයෝ..මම හිතුවේ ඔයාට මොකෙක් හරි වැහිල්වත් කියල " මගේ අත් දෙක් එයා ළගට ගන්න ගමන් කිව්වා.
"පොඩි ජෝක් එකක් කලේ අයියේ,බයවෙන්න එපා.." මම මොකුත් නොදන්න ගානට හිනා උනා.
"අද දිනුම සමරන්නත් ඕනි නේද සුදූ,රෑ වෙලා අපි සමරමු" කියල මම දිහා බලල වල් හිනාව දැම්ම.මටත් දැන් මෙය එක්කම ඉදල මෙය මොනවටද එන්න හදන්නේ කියල තේරෙන නිසා මමත් කට කොනින් හිනා වෙලා කාමරේ දොර ඇරල පොතක් අරන් අයියටත් පොතක් දුන්න.
"අම්ම එයි දැන්,මේ පොත බලාගන්න "කියල මම පොත දීලා විනාඩි කිහිපයකින් කිව්ව වගේම අම්මත් අවා.
අම්ම කාමරේට එබිල බලල අපි දෙන්නට පාඩම් කරන ගමන් කන්න කියල බිස්කට් පැකට් එකකුත් දුන්න.මම fan ඒකත් දාගෙන මෙසේ උඩට කකුලකුත් දාගෙන බිස්කට් පැකට් එක කන්න ලැස්ති උනා.
"කඩන්නකෝ " මම අයියට කිව්ව.
"රෑ වෙලා කඩමු සුදූ,හදිස්සි වෙන්න එපා තව වෙලා තියෙනවා" අයිය මුනත් රතු කරගෙන කිව්ව.
"අනෙ ඔයානම් අයියේ මහා..මම කිව්වේ බිස්කට් පැකට් එක ගැන " මම බිස්කට් එක එයා ඉන්න පැත්තට දික් කරලා කිව්ව. අපි බිස්කට් කාල තේ එකකුත් බීල අයෙත් පාඩම් කරන්න පටන් ගත්ත.
"පුතේ එන්න කෑම ලැස්ති කරලා තියෙන්නේ "අම්ම පහල ඉදන් කතා කරා.අපිත් පොත් ටික වහල දාල කෑම කන්න පහලට ගියා.ගිහින් කෑම කාල අපි tv එකේ movie එකක් බලන්න ඕනි කියල හිතල බලන්න හොඳ movie එකක් කල්පනා කරා.එ අස්සේ අයිය thai movie එකක් දාන්න කිව්ව.මම ඒවා බලල නැති නිසා අයියටම කිව්ව එකක් දාන්න කියල.අන්තිමට එයා ෆිල්ම් එක්ක තෝරාගෙන එක play කරා.අම්මත් නිදි නිසා අපි දෙන්න සාලේ ලයිට් ඕෆ් කරගෙන ෆිල්ම් එක බලන්න ඉඳගත්ත.
YOU ARE READING
Lavender (ලැවෙන්ඩර්)
RomanceA/l සඳහා අලුත් පාසලකට ගිය මියුරුට 13 වසරේ සිතාර ගැන ඇති වෙන ආදරය,දෙමාපියන්ගෙන් සිදුවූ බලකිරීම් මැද මේ දෙන්නගේ ආදර කතාව මොන විදිහට ඉදිරියට යයිද..? Bl story