වෙලාව උදේ 5.00 යි.මුළු ගෙදරම කාර්යබහුලයි.අම්ම කුස්සියේ උයන වැඩ කරනවා,තාත්ත වැඩට යන්න ලැහැස්ති වෙනවා.මමත් නැගිටලා ඉස්කෝලේ යන්න ලැහැස්ති උනා.
"අම්මේ කො මගේ කෑම ඒක ඉක්මනින් ගේන්න නැත්නම් බස් ඒක මිස් වෙයි මට"
"ආ ගන්න,හොඳට ඉගෙනගන්න.නිකන් ඉන්න වෙලාවට පොතක් බලාගන්න ඕනි.මෙතැන බත් දෙකක් තියෙනවා.එකක් සිතාර පුතාටත් දෙන්න.එ ළමයා පව්.." අම්ම කිව්වා.
"හා අම්මේ මම දෙන්නම්කෝ.."
මම බත් දෙකත් දාගෙන ඉක්මනට පාරට දිව්වා.මම යනවත් එක්කම් බස් ඒක ආව.හොඳ වෙලාවට driver දන්නවා මම මෙතනින් නගිනවා කියල නැත්නම් ගෙදර ඉන්න තමයි වෙන්නේ.මම බස් ඒකට නැගල වෙනද ඉඳගන්න ෂිට් එකෙන්ම ඉදගෙන හිටිය.මගින් ධනුකත් නැග්ග.අපි සුපුරුදු ලෙස කතා කර කර ගියා.
"මේ බං geo වල දුන්න home work ඒක උබ කරාද..?" ධනුක මුනත් අමුතු කරගෙන ඇහුව.
"අහ් ඔව් බං Gps ටිකේ නොට් ඒක නේද,ඒක මම ඊයේ සිතාර අයියලාගේ ගෙදර ගිය වෙලාවේ කරා.උබ කරේ නැද්ද..?"
"අඩෝ නැ බං.මට ගිහින් පොත දියන් හොදේ.නැත්නම් මිස්ගෙන් බැනුම් අහන්න වෙයි "
"හරි හරි බං එකේ ගොඩක් ලියන්න නැ රුප ටිකක් අඳින්න තියෙන්නේ.බය නොවී හිටපන් මිස් එන්න කලින් ලියාගන්න පුළුවන්වෙයි " මම ධනුකව ශේප් කරා.
අපි ඉස්කෝලේ ඇතුලට ආව.එදා ඉස්කෝලේ ළමයි ගොඩක් අඩුවෙන් හිටියේ.ඉස්කෝලෙන් බාගයක් විතර නැ.අපි දෙන්නත් Art ඒකට ගියා.ගිය ගමන් ධනුක මගේ පොත ඉල්ලන් නොට් ඒක ලියන්න පටන් ගත්ත.මම සිතාර අයියට බත් එක දෙන්න 13 ට ගියා.මම එතකොට දැක්ක කව්ද කෙල්ලෙක් එක්ක එයා හිනා වෙවී ඉන්නවා.මට ගොඩක් දුක හිතුන.මම ආපහු හැරිල අපේ පන්තියට ආව.සිතාර අයිය මම ආපහු යනවා දැකල මම ඉන්න පැත්තට ආව.
"මියුරු,මොකෝ උනේ.ඇයි ආපහු යන්නේ..?"
"නැ නැ මොකුත් නැ.මේ බත් එක අම්ම දෙන්න කිව්වා.ආ අරගන්න.ඔයා වැඩේ කරෙගන යන්න.මම ආයේ කරදර කරන්න එන්නේ නැ.." මම දුකින් ඉන්නේ කියල සිතාර අයිය දැක්ක.
"අනේ ළමයෝ ඔයා වැරදී විදිහට හිතන්න එපා.ඒ මගේ යාලුවෙක් විතරයි මියුරු.මගේ හිතේ ඉන්නේ ඔයා විතරයි.මම ඒ තැන කාටවත් දෙන්නේ නැ.promise sudu.."
YOU ARE READING
Lavender (ලැවෙන්ඩර්)
RomanceA/l සඳහා අලුත් පාසලකට ගිය මියුරුට 13 වසරේ සිතාර ගැන ඇති වෙන ආදරය,දෙමාපියන්ගෙන් සිදුවූ බලකිරීම් මැද මේ දෙන්නගේ ආදර කතාව මොන විදිහට ඉදිරියට යයිද..? Bl story