"වරෙන් බං ඇඳ උඩට..ඔය පුටු උඩ පුක තියන් ඉන්න අමරුයි" ධනුක කිව්ව.
"අනේ බං ඇඳ උඩ ඉදන් පාඩම් කරල තමයි උබ මේ හැමදාම නිදිමත ඇවිත් නිදාගත්ත පාඩම් කරන්න උනේ නැ කියන්නේ.මෙන්න මෙතනට වරෙන් " මම පුටුවක් පිටිපස්සට ඇදල ධනුක දිහා බැලුව.ඌ මූණත් අවුල් කරගෙන පුටුව උඩ ඉඳගත්ත.මමත් පොත පෙරළන් පාඩම් කරන්න පටන් ගත්ත.අපි පාඩම් කර කර ඉද්දි නැන්ද අපිට කිරි දෙකක් හදාගෙන ආව.
"පුතේ මේ කිරි එක බීල ඉන්න.."
"හරි නැන්දේ,අපි තව ටිකකින් බොන්නම්.."කියල මම කිව්වත් ධනුක කිරි එකක් අරගෙන ඒක බොන්න පටන් ගත්ත.
"ඔය බලන්නකෝ පුතේ මේ ළමය කන බොන එකේ ඉවරයක් නැ.තවත් මහත් වෙයි.."නැන්ද මම එක්ක හිනා වෙවී කිව්ව.
"ඔව් නැන්දේ ඒකනම් ඇත්ත.."මමත් හිනාඋනා.ධනුක අපි දෙන්න දිහා බලල කිරි උගුරක් බීල කෝප්පේ මේසේ උඩින් තියල කට පිහාදාගත්ත.
"අම්ම මට මහතයි කිව්වට සමහරුන්ට මාව හුරතල් " ධනුක මටත් පාරක් ගහල හිනා වෙලා කිව්ව.මට එතකොට මතක් උනේ සතිර අයියව.නැන්ද ත් අපි දෙන්න දිහා පරික්ෂාවෙන් බැලුව.
"අහ් එහෙමද,මට පෙන්නේ නැට්ටිච්ච්යෙක් හොයාගෙන වගේ..!"නැන්ද ටිකක් සද්දෙන් කිව්ව.
"නැ නැ අම්මේ,මම විහිළුවක් කරේ.."ධනුක නැන්දව ශේප් කරල කුස්සියට යැව්වා.
"මේ බං අහපංකෝ..දෙයක් අහන්න තියෙනවා උබෙන්..?" ධනුක මම ලඟින් ඉඳගත්ත.
"ඔව් කියපන්..මම හිතන්නේ උබ අහන දේ මම දන්නවා.කමක් නැ උබ අහපංකෝ " මම කිව්ව.
"උබ දැන් සිතාර අයිය ගැන ගෙදරට කියන්නේ කොහොමද බං,මමත් මේ වගේ දෙයක් කොහොමද බං අම්මට එහෙම කියන්නේ,එයාල මොනවා කියයි ද...?" මම හිතුව දේ හරි.
"අපේ අම්ම එක්ක අයිය මට exam ඉවර වෙන දවසේ අපේ ගෙදර ඇවිත් මේක කතා කරන්නම් කිව්ව.මම දන්නේ නෑ බං අම්ම මොන විදිහට හැසිරෙයිද කියල,මම ගැන මොනව හිතයිද කියල,තාත්ත මට මොනවා කරයිද කියල..ඒත් මම මොන දේ උනත් අයියව අතාරින්නෙ නෑ.මාව ගෙදරින් පැන්නුවොත් මම අයිය එක්ක කොහේ හරි යනවා.මට බැ බං එයා නැතුව ඉන්න.." මම ඒ ටික කියද්දී ඇස් දෙක රතු වෙලා කඳුළු බිංදු ගලාගෙන ආව.ධනුක ලේන්සුවක් දුන්න.
YOU ARE READING
Lavender (ලැවෙන්ඩර්)
RomanceA/l සඳහා අලුත් පාසලකට ගිය මියුරුට 13 වසරේ සිතාර ගැන ඇති වෙන ආදරය,දෙමාපියන්ගෙන් සිදුවූ බලකිරීම් මැද මේ දෙන්නගේ ආදර කතාව මොන විදිහට ඉදිරියට යයිද..? Bl story