.................................................................................................................................................................................................................................
ඉහලට ඇද්ද ලොකු හුස්මක් එක්ක ආපහු හැරුනා ..
හැරෙද්දියි දැක්කේ ,
කැන්ටිම
පිටිපස්සේ බිත්තියේ ජැක් එක ගහන් ...දනූද් ..
මෑන්ගෙ තව සෙට් එකක්ම එක්ක මන් දිහා බලාන ඉන්නේ..
හරියට කීවොත්
එකයි
දෙකයි
තුනයි
දනූද් එක්ක හතරයි
හතරම තර්ඩ් ශයි ..
මන් දිහාට වැටිලා තියෙන ඒ අසික්කිත බැල්මට් එකම මට වැඩිය ඇල්ලුවේ නෑ ..
තවත් මොකට බලනවද ..
නොදැක්ක ගානට අහක බලන්
කැන්ටිම ලග පඩිපේලිය ඉක්මන්ට ඉක්මන්ට බැහැගත්තා ..
බැහැගත්තට මොන...
අන්තිම පඩියෙ කකුල ගෑවෙද්දි දකුනු පැත්තෙන් කන පැලෙන්න තරම් මහ සද්දෙට
අඩෝ ..
මල්ලි මෙහෙ වරෙන් ..කියපි..
දනූද් නෙමේ.. දනූද්ගෙ කරට අත දාන් ඉන්න වෙන එකෙක් ..
මන් නැවතිලා ඒ පැත්තට හැරෙද්දි ,
උබට තමා .. මෙහෙ
වරෙන්..ටිකිරි මොලේ
නෑ නිද්ර .. පරක්කු වෙලා තියෙන්නේ ක්ලාස් එකට පලයන් ..
කියලා සිය පාරකට වඩා කියද්දි ,
මගෙ ගොන් හිත කීවෙම
එපා නිද්ර .. එලොවටත් නැති මෙලොවටත් නැති රස්ති පොරවල්වලට බයේ පැනල දුවන්න එපා ..
මොලේ ..
නෑ උබ යන්න එපාමයි ...
කියලා බල කරද්දි හැමදාම වගේ මන් කරේ හිත කිව්ව දේ ..
හිතාගන්න පුලුවන්නේ ,
වචනෙන්ම කියනව නම් මේ අහින්සක ගොන් නිද්ර ..
දනූද් ප්රමුක සත්ව රැලේ හැටි දැන දැනම ගොදුරක් වෙන්න තියෙන දැඩි ආශාව පෙරදැරි කොටගෙන ගට අරන් ලගට ගියා...
YOU ARE READING
❦︎|| ~ කෝඩු ~❦︎||
Non-Fictionකවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂...