CHAPTER 05~

200 49 22
                                    

මිස්ටර් ජියොන් ගේ ඔම්මා නැත්නම් මිසිස් ජියොන් ගේ Mother in law තවත් විදිහකට කිව්වොත් ජන්කුක් ගේ හැල්මොනි කියන්නේ නිහතමානි, අවංක කෙනෙක්... ඔව් එයා තමයි හැබැයි ඒ කියලා හැමතිස්සෙම ජන්කුක්ගේ හැල්මොනී හොඳ කෙනෙක් නෙවෙයි... මොකද ඇය ඇගේ පවුලේ කාරණා වලදී දරුණු තීරණ ගන්න කෙනෙක් වුනා... නමුත් ඇය ඇයගේ මුණුපුරාට පණ ඇරලා ආදරෙයි...

ජන්කුක්ගේ හැල්මොනී ගේ ගෙදර තිබුනේ ඩේගු වල ජනශුන්‍ය පැත්තකට වෙන්න පිහිටලා... ඒක වෙනම ලස්සනක් එකතු කරපු පැත්තක්... මුහුදු තීරයක් එක්ක ඉන් එහාට වෙන්න වැඩිය ඝනට වැවිලා නැති කැලෑවක් ඒ අවට තිබ්බා... ලීජි ආ ගේ (ජන්කුක් ගේ හැල්මොනී) පුතා වුන මිස්ටර් ජියොන්ගේ ප්‍රශ්නයත් එක්ක සෝල් තියා ලීජි ආ ට එයාගේ මහත්තයාගේ මතකයන් පිරුනු එයාලගේ පුංචි ගෙදරත් ලීජි ආ ට එපා වුනා...

ජන්කුක්ගේ හැල්මොනී නැත්නම් ලීජි ආ මේ හැමදේම අතැරලා සෝල් වලින් අයින් වෙන්න තීරනේ කලත් මාස දෙකක් වත් නැති පුංචි ජන්කුක් එක්ක යූහිට තනියෙන් වැඩක් කර ගන්න බැරි නිසාම ලීජි ආ ට සිද්ද වුනා යූහි එක්ක ඉන්න... ජන්කුක් දැන් ඉන්න ගෙදර කාලයකට කලින් ලීජි ආ ගේ වගේම මිස්ටර් ජියොන්ගේ අප්පගේ මතකයන් පිරුනු හරි ලස්සන තැනක්... ඒ වුනත් කාගේ හරි සාපයක් වැදිලා ඒ මිනිස්සුන්ගේ හිත් වල පිරිලා තිබුන සතුට ටිකෙන් ටික උදුර ගෙන තිබුනා...

කාලයක් යූහි වගේම ජන්කුක් එක්ක ඒ ගෙදර හිටපු ලීජි ආ ජන්කුක් යමක් කමක් තේරෙන වයසට ලොකු වුනාට පස්සේ ඇය ඇගේ ඔම්මාට අයිති ඉඩමක් තිබුනු ඩේගු වලට ආවා... ලීජි ආ හිතන් හීටියේ ජන්කුක් එක්කම ඉන්නවා කියලා වුනත් ජන්කුක් තේරෙන වයසට එනකොට ඔහුගේ හිතේ ප්‍රශ්නයක් තිබුනා... ඒ වෙන මුකුත් නෙවෙයි 'අනිත් අයගේ අප්පා ඉන්නවනම් කෝ මගේ අප්පා' කියන් එක වෙනකොට පුංචි කමට ඒ නොදරුවට මොනා කියන්නද කියලා හිතා ගන්න බැරි වුන ලීජි ආ ගේ හදවත තවත් බිදෙන්න පටන් ගත්තා... ඒ නිසාම තමයි ඇය ඒ ගෙදරින් වෙන් වෙලා ගියේ ඒත් ඉදලා හිටලා ඇය ඇගේ මුනුපුරා වන හුරතල් ජන්කුකී ගේ ගෙදර යන්න පවා පුරුදු වෙලා හිටියා...

ටොක් ටොක්

තත්පර කිහිපයකට මීට අවුරුදු ගානකට කලින් වුන දේවල් හිතන ගමන් හිටිය ලීජි ආ ගේ බර කල්පනාව බිදුනේ නිවසේ දොරට තට්ටු කරන හඩක් ඇහුන නිසයි... ගෑස් ලිපේ තියෙන චිකන් සුප් බාන්නත් දොර ලගට යන්නත් බෑ...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now