CHAPTER 10~

205 48 61
                                    

" ම්හ්ෆ් මන් යනෝ අප්පා... "

" පරිස්සමින් චෑම්ප්... "

ට්‍රැෆික් එකේදි වුන ටේහ්‍යුන් සම්බන්ධ සෙන්සිටිව් සංවාදයෙන් පස්සේ අප්පයි පුතයි දෙන්නම සාමදානයෙන් සමුගෙන යුනි එක ගාවින් වෙන් වුනා...

ඇත්තම කිව්වොත් ටේහ්‍යුන් ගේ අප්පා දැන ගත්තා එයාගේ කොල්ලා කැමති එයාගේ යාළුවාගේ පුතා ජන්කුක් ට කියලා... හැබැයි ටේහ්‍යුන් නම් කිව්වෙම 'නෑ අනේ මන් පස්සේ කියන්නම් එයා නෙවෙයි අප්පා' කියලා කුනු කුනු ගගා නහයෙන් අඩ අඩ හිටපු එක...

අනික ටේහ්‍යුන්, කිම්ට කිව්ව අනික් ලෝක බොරුව තමයි අදුරන නිසයි නම කිව්වේ කියලා... කිම් ඒක පිළි ගත්තා කියලා පරාජය බාර ගත්තත් කිම්, ටේහ්‍යුන් කියපු ඒවාට රැවටුනේ නම් නෑ... එයා දන්නැද්ද එයාගේ චැම්ප්ගේ හැටි...

" ටේ ඔයා අද පරක්කුයි... "

" ටැපික් එකනේ ජිමිනි... "

" හහ්හාහ්... මොකද බන් උබේ කටහඩ වුනේ... ජන්කුක් හියුන් කෑවා වත්ද...? "

හෙම්බිරිස්සාව නිසා වචන හරියට කියවෙන්නැති නිසා ටේහ්‍යුන් ඒකට හිතෙන් කුනු කුනු ගගා අඩන ගමන් ජිමින් ට රවලා එයාව ගනන් ගන්නේ නැතුව ගස්සලා ඉස්සරහට යනකොට ඒකට තව හයියෙන් හිනා වුන ජිමිනුත් ටේහ්‍යුන් පස්සෙන් ඇවිදන් ගියා...

" ටේ වරෙන්කෝ ගමනක් යන්න... "

" කොහෙද..? "

" අද ජන්කුක් හියුන්ගේ බර්ත්ඩේ එකට ලොකු පාටියක් දෙනවලු... ඒකේ ඔක්කොම වියදම් ජියොන් අන්කල් ගානෙලු... "

" සීරියස්ලි...? "

ජිමින් දුන්න අලුත්ම අලුත් තොරතුරුත් එක්ක පුදුම වුන ටේහ්‍යුන්ට දැන් එතනට යන්න ලොකු හදිස්සියක් ආවා... අනික එයා දන්නෙවත් නෑනේ එහෙම එකක් තියෙනවා කියලවත්... අනික කවුරුත් ඒ ගැන එයාට කිව්වෙත් නෑ...

" ජිමිනි මේහ් අ-ද හාද.. අද ජන්කූ ආවේ නැද්ද... "

" මන් හිතන්නේ ජන්කුක් හියුන්ද කොහෙද තමයි ඉස්සෙල්ලම පාටිය තියෙන තැනට ගියේ... "

" හුම්ම්... "

" උබටත් යන්න හදිස්සි නේහ්... "

ජන්කුක් ගැන අහල ජිමින් එක්කම හෝල් එක දිහාවට ඇවිදගෙන යන ටේහ්‍යුන්ගෙන් ජිමින් විහිළුවට වගේ අහපු දේට ජිමින් දිහා බලලා රැව්ව ටේහ්‍යුන් එයාගේ නහය බර වෙලා නිසා බැක්පැක් එකේ පොකට් එකෙන් ගත්ත ලේන්සුවෙන් එයාගේ නහය පොඩ්ඩක් පිහිද ගත්තා...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now