CHAPTER 04~

287 48 64
                                    

සවස් කාලයේ උදා වීම බව පෙන්වන්න වගේ පරිසරයම ලා තැඹිලි රතු මිශ්‍ර පාටක් සහිතව සූර්‍යා බැස යමින් තිබුනා... අහසේ තැනින් තැන තිබුනු පුළුන් වගේ සුදු පාට වලාකුළු වලට සූර්‍යාගේ එළිය වැටෙන නිසාමද කොහෙද වලාකුළුත් ඉර එක්ක ලැජ්ජාවට හිනා වෙන ගමන් හරි අගේට රත්තරන් පාටින් දිලිසෙන්න පටන් අරන තිබුනා...

දවසේ නිමාවත් එක්ක දවසම එහාට මෙහාට යන ගමන් බරටම වැඩ කරන ගමන් හිටපු හුළඟත් දැන් නිවීසැනසිල්ලේ විඩාව නිවා ගන්න ඕනිවට තමන්ටම පවන් ගහ ගන්න ගමන් හිටියේ...

ඒ මද පවනට අහු වුන ගස් කොළනුත් දෙපැත්තට පැද්දෙන ගමන් නැලවුනේ ගහෙන් සමු ගන්න අයට ලේසි වෙන්න වගේ වෙනකොට එය සින්දුවකට තාල ඇල්ලීමක් බදු වුනා... ඒ සින්දුවකට තාල තියන්න මහන්සි වෙන ගස් වලට උදව්වක් කරන්න ඕනිකමට වගේ ගස් උඩ වහන කුරුල්ලන්ගේ කීචී බීචී සද්දේ සින්දුවකට සමාන වුනා...

මුළු පරිසරයම මහන්සියට නිවා ගන්න ගමන් අනික් අයටත් ඒකේන් ප්‍රයෝජනයක් දෙන ගමන් එක එක තාල අල්ලනකොට තවත් තැනක වෙනම විදිහේ තාලයක් අල්ලන ගමන් තිබුනා... ඒක ආලය, රාගය යන හැඟීම් සමූහය එකතු වුන හරි අපූරු තාලයක්...

කිම් මැන්ෂන් එකේ පිටතින් බැලුවම පැවතුනේ හරිම සාමාන්‍ය, නිස්කලංක තත්වයක්... මැන්ෂන් එකේ ගේට් එක ගාව ඉන්න වයසක ගාඩ් ගේට් එකට පැත්තකින් පුටුවකුත් තියාගෙන මූනට තොප්පියත් තියන් බැටන් පොල්ල බදාගෙන නිදි කිරන ගමන් හිටියා...

අද මැන්ෂන් එකේ කවුරුත් නැතුව පාලුවට ගිහින් තිබුනා... මිස්ටර් කිම් උදේම කම්පැනි එකේ හදිසි වැඩ වගේකට යන කොට මිසිස් කිම්, මිසිස් ජියොන් එක්ක ගෑනු අය වුන එයාලා කරන්න කැමතිම සහ ලේසිම වැඩේ වුන ශොපින් කරන්න ගිහින් තිබුනා...

මේ අතර කවුරුත් නැතුව පාලුවට ගිහින් තිබුන කිම් මැන්ෂන් එකේ තුන්වෙනි තට්ටුවේ තිබුන එකම එක රූම් එක වුන ටේහ්‍යුන් ගේ රූම් එකේ පැවතුනේ සාමකාමී තත්ත්වයක් නම් නෙවෙයි...

" ම්ම්හ්..."

ලා කහ පාටින් හෝරා දෙකක් තිස්සේ කාමරයට එළිය දුන්න ටේබල් ලෑම්ප් එකත් දැන් ගැහි ගැහි පත්තු වුනේ රූම් එකේ වෙන දේවල් වලට එයාටත් දැන් ලැජ්ජා හිතිලා වගේ වෙනකොට මුළු රූම් එකම සුලි කුණාටුවකට අහු වෙලා විනාසයක් වුන තැනක් වගේ වෙලා තිබුනා...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now