CHAPTER 12~

250 46 95
                                    

" තව ගොඩක් දුරද ජන්කූ... "

ටේහ්‍යුන්ග්ගේ ගෙදරින් දෙන්නත් එක්කම ආවාට පස්සේ Incheon වලට යන බස් එකක නැගපු වෙලාවේ ඉදන් ටේහ්‍යුන්ග් කරේ කොට්ටයක් වගේ සනීප ජන්කුක්ගේ අතේ ගොබේ උඩ ඔළුව තියන් නිදා ගත්ත එක... පැය ගානක් නිදාගෙන නැගිටලත් ඇස් පියාගෙන ජන්කුක්ගේ බෙල්ල අස්සට ඔළුව ගහගෙන නිදි මතේම අහපු ටේහුන්ග් තොල් උල් කර ගත්තා... ටේහ්‍යුන්ගේ හුරතලේට හිනා වුන ජන්කුක් එයාගේ බෙල්ල අස්සේ තියෙන ඔළුවේ පැත්තකට කිශි එකක් දීලා එතන එයාගේ දකුණු කම්මුල තද කර ගත්තා...

" තව පැය භාගයක් වගේ යයි මැනික... "

" හුම්ම්... "

" දැන් නිදා ගත්තා ඇති නැගිටිනවා... "

ටේහ්‍යුන්ගේ ඔළුව එයාගේ උරහිසෙන් එහාට කරන ගමන් කිව්ව ජන්කුක් ටේහ්‍යුන්ග් බෝල කම්මුලකට කිස් එකක් දෙන ගමන් නැගිටලා බස් එකේ රැක් එක උඩ තිබුනු බැක්පැක් එකට දාගත්ත වතුර බෝතලේ අරන් ටේහ්‍යුන්ග්ගේ අතට දුන්නා...

ජන්කුක් එයාට කිශි එකක් දුන්නට සතුටු හිතුනත් එයාව එහාට කරපු නිසා ඒකට තරහ අරන් ජන්කුක්ට රැව්ව ටේහ්‍යුන්ග් එයාගේ ජන්කූගේ අතේ තිබුනු වතුර බෝතලේ අරගෙන ඒකටත් රවලා වතුර බීගෙන බීගෙන ගියා... වතුර බීලා ඉවර කරපු ටේහ්‍යුන්ග් ආපහු ඒක ජන්කුක්ට දුන්නා...

ජනකුක් වතුර බෝතලේ බැක්පැක් එක ඇතුලට දාලා වාඩි වෙනකන් හරී~ම සාමකාමිව ඒ දිහා බලන් හිටිය ටේහ්‍යුන්ග් ජන්කුක් වාඩි වුනා විතරයි දෝත බදලම ජන්කුක්ගේ අත බදාගෙන ඔළුව තියාගත්තේ හුරතල් විදිහට ඈනුමකුත් යවලා තොල් උල් කර ගන්න  ගමන්....

" මැනික ආයි නිදාගන්න එපා බන්... "

" ම්හූහූ.. "

ජන්කුක් කිව්වත් ජන්කුක්ගේ අත හයියෙන් අල්ල ගත්ත ටේහ්‍යුන්ග් එයාගේ ඔළුව ජන්කුක්ගේ අතට තද කරගෙන ජන්කුක්ටත් ගස්සලා ආපහු නිදාගත්තත් ජන්කුක් ඊළඟට කිව්ව දේත් එක්ක ටේහ්‍යුන්ග්ගේ වැහිලා තිබුනු ඇස් දෙක බුග් ගාලා ඇරුනා...

" මගේ මැනික් කැටේ ඔච්චර නිදා ගන්නේ............. "

කියලා ඇදපු ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවම එයා දැක්කේ ඇස් ලොකු කරන් එයා දිහා බය වෙලා වගේ බලන් ඉන්න එයාගේ මැනිකව... ටේහ්‍යුන්ගේ ඇස් දෙක ලොකු වෙලා තිබුනා වගේම එයාගේ කටත් චුට්ටක් ඇරිලා තිබුනේ එයාටවත් නොදැනිම... හරිම කියුට්... බෝල ගෙඩියක් වගේ...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now