CHAPTER 14~

328 57 46
                                    

" හෙට දවල් වරුවේ මන් ෆ්‍රී... අපි ඒවෙලාවට මේ ගැන කතා කරමු ජන්කුක්... මොකද ඒ ගැන හිතන්නේ... "

" හරි ඩොක්ටර්... "

" මයි නේම් ඊස් ජින්... ඔයාට පුළුවන් මට ජින් අන්කල් කියන්න... "

" ඕකේ ජින් අන්කල්... "

ජින්ගේ කැබින් එකේ හිටිය ජන්කුක්ගේ පිටටත් තට්ටුවක් දාන ගමන් කිව්ව ජින් ටේහ්‍යුන්ටත් වින්ක් කරන ගමන් සැලියුට් එකක් දැම්මා... ඒකට උත්තරයක් හැටියට ලැජ්ජාශීලි චූටි හිනාවක් දාපු ටේහ්‍යුන් ජන්කුක්ගේ බාහුවක එල්ලෙන ගමන් කම්මුල එයාගේ ජන්කූගේ අතට තද කර ගත්තා... ටේහ්‍යුන්ග්වත් එක්කගෙන ජින්ගේ කැබින් එකෙන් එළියට ආව ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලන ගමන්,

" බබා ඇත්තටම අර වෙලාවේ මට තමුසෙගේ කන පලන්න හිතුනා... "

'ඔව් ඉතින් කොයි වෙලෙත් පලන්නනේ බලන් ඉන්නේ...'

ජන්කුක් දිහා හොරහින් බලන ගමන් තොල් උල් කර ගත්ත ටේහ්‍යුන් මූනත් පුම්බගෙන තමන්ටම කුටු කුටු ගාලා කියා ගත්තත් ඒක ජන්කුක්ට නම් හොදට ඇහුනා... ඒ නිසාම ටේහ්‍යුන් කම්මුලක් තියාගෙන බදාගෙන හිටිය එයාගේ අත මුදව ගත්ත ජන්කුක් ඒක ටේහ්‍යුන්ගේ ඉන වටේට යවන ගමන් ටේහ්‍යුන්ව තමන්ගේ තුරුලට ගන්න ගමන් ටේහ්‍යුන්ගේ උසට එයාගේ මූන පහත් කර ගත්තා...

" මම හැම තිස්සේම පලන්නේ නම් නෑ... හැබැයි එක දවසක එක වෙලාවක් එයි අන්න එදාට උබට ඇඩෙන්නම මන් පලන එක පලනවා කියන එකත් මතක් තියාගනින් මැනිකේ... ම්ම්... "

ටේහ්‍යුන්ගේ කනට ලංවුන ජන්කුක් රහසින් වගේ ටේහ්‍යුන්ගේ කනකුත් ලාවට හපන ගමන් උගුර යටින් කිව්වම ටේහ්‍යුන්ගේ රෝම කූප කෙලින් වෙලා හිරිගඩු පිපෙනවා වගේ කියලා ටේහ්‍යුන්ට දැනෙන්න ගත්තා... ඒ නිසාම ජන්කුක්ගේ පපුවට අත තියලා එහාට කරපු ටේහ්‍යුන් තමන් ජන්කුක්ව අදුරන්නේ නෑ කියන්න වගේ වේගෙන් වේගෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා... ජන්කුක්ව අද්ෘශමාන වෙලා...

" එහ් බබා හෙමින් පලයන් යකෝ... "

ජන්කුක්ව මගෑරලා වේගෙන් වේගෙන් අඩිය තියන ගමන් ඉස්සරහට දුවනවා වගේ ටේහ්‍යුන්ග් ඇවිදින නිසා ටේහ්‍යුන්ගේ බෝල පස්ස දෙපැත්තට තාලෙට වැනෙන දිහා අමුතුම ලුක් එකකින් බලන ගමන්ම කොරිඩෝවේ ඉන්න අයට මේ මගේ කොල්ලා කියලා කියන්න තියෙන වුවමනාටවට කොරිඩෝව දෙදරන්න ටේහ්‍යුන්ග්ට කතා කරනවා වගේ කෑ ගැහුව ජන්කුක් ටේහ්‍යුන් පස්සෙන් හිනා වෙවීම ඇවිදන් ගියේ ටේහ්‍යුන්ව ටීස් කරන්න එක එක ඒවා කියන ගමන්... ජන්කුක්ව තමන් ගනන් ගන්නේ නෑ කියලා පෙන්නුවත් ටේහ්‍යුන්ගේ කම්මුල් දෙක හරි හරියට චෙරි ගෙඩියක් වගේ රතු වෙලා තිබුනා...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now