ජන්කුක්වත් ඇදන් ළමයි කවුරුත් වැඩිය නැති පාලු වෙලා ගිය පැත්තකට ආව ටේහ්යුන්ග් එක පාරටම බිත්තියකට තද වුනේ ජන්කුක්ගේ අත් දෙක ටේහ්යුන්ගේ උරහිස් දෙක තදින් අල්ලන් ඉද්දි... ජන්කුක්ගේ කළු පාට ඇස් ටේහ්යුන්ගේ කෝපි පාට බෝල ඇස් එක්ක එකට එක යා වුනේ ජන්කුක්ගේ කටින් ප්රශ්නයක් මතු වෙද්දි...
" මන් ඔයාගේ කවුද බබා...? "
ජන්කුක් අහපු ප්රශ්නෙත් එක්ක ජන්කුක්ගේ මූන දිහා ටික වේලාවක් බලන් හිටිය ටේහ්යුන්ග් එයාගේ උරහිස් උඩ තියෙන ජන්කුක්ගේ අත් දෙක ගසලා වගේ අයින් කර ගත්තේ තරහින්...
" ඔයා මගේ කවුරුත් නෙවෙයි... "
" එහෙනම් අරූට කිව්ව එකේ තේරුම මොකක්ද ආ බබා... "
" ඉස්සර ඒකට තේරුමක් තිබුනා... ඒත් දැන් නෑ... "
ජන්කුක්ට ඇඟිල්ල දික් කරලා තර්ජනය කරනවා වගේ කිව්ව ටේහ්යුන්ග් ගස්සලා අහක බලාගන්නකොට ජන්කුක් ටේහ්යුන්ගේ මූන දිහා බලන් හිටියේ 'ආ යූ සීරීයස් බබා' කියලා අහන මූඩ් එකකින්...
" ඒ කතාවේ තේරුම මොකක්ද... "
" මට ඔයාට ඒ ගැන විස්තර කරන්න වුවමනාවක් නෑ... "
ජන්කුක් කොච්චර සාමදානයෙන් ටේහ්යුන්ග් එක්ක කතා කරන්න හැදුවත් ටේහ්යුන්ග් හදන්නෙම ජන්කුක් එක්ක පැටලෙන්න... එතකොට නිකන්ම ජන්කුක්ගේ කේන්තිය ඇවිස්සෙන එක...
" උබට බබා-"
"ජ්-ජන්කුක් හ්-හියුන්... "
ටේහ්යුන්ගේ කම්මුල් දෙක මිරිකලා අල්ලගත්ත ජන්කුක් ටේහ්යුන්ග්ව එහෙම්ම බිත්තියට හේත්තු කරේ තරහෙන් හුස්ම ගන්න ගමන්... හැබැයි ජන්කුක් ටේහ්යුන්ග්ට මොනා හරි කියන්න ගියත් ඒක සම්පූර්ණ කරගන්න බැරි වුනේ එතනට ආව ෆස්ට් ඉයර් එකට අලුතින්ම බැදුනු කොල්ලෙක් නිසයි... ඒ කොල්ලා හීනි කටහඩකින් ජන්කුක්ට කතා කරාම ජන්කුක්ට ඉස්සෙල්ලා ටේහ්යුන්ගේ ඇස් ඒ පොඩි කොල්ලව මරන් කන තරම් කේන්තියෙන් ඒ පැත්තට යොමු වුනා... ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි,
" jae wook..? උබ මොකද මෙහේ..?? "
ටේහ්යුන්ග්ට නෙවෙයි අනිත් උන්ටත් ඒ විදිහටම කතා කරන ජන්කුක් jae wook ට කියා වෙනසක් කරේ නෑ... ඔළුව පිටිපස්සට හරවලා jae wookට කතා කරපු ජන්කුක් ටේහ්යුන්ගේ කම්මුල මිරිකලා අල්ලන් හිටිය එයාගේ අත ගන්න හැදුවත් ඒක කරන්න වුනේ නැත්තේ ටේහ්යුන්ග් අත් දෙකෙන්ම ජන්කුක්ගේ අත තව ටිකක් තද කරගෙන එයාගේ කම්මුලට තද කරගත්ත නිසයි... ටේහ්යුන්ගේ වැඩෙත් එක්ක ජන්කුක්ගේ ඇස් බැමි රැලි වුනේ 'මොකක්ද උබට වෙලා තියෙන්නේ' කියලා අහන්න වගේ වුනත් ටේහ්යුන්ග් ඇස් වලින්ම jae wook ව පුච්චන්න වගේ බැල්මක් දාන් හිටියා...
YOU ARE READING
ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)
Romance| සිංහල | ~𝑱𝑬𝑨𝑳𝑶𝑼𝑺 𝑩𝑶𝒀𝑭𝑹𝑰𝑬𝑵𝑫~ 𝕋𝕒𝕖𝕜𝕠𝕠𝕜 𝔽𝕒𝕟𝕗𝕚𝕔𝕥𝕚𝕠𝕟 ______________________________ "උබේ ඔය ජෙලස් ගතිය තාම ඉවරයක් නැද්ද මගේ මැනිකේ.." "ඒක කවදාවත් ඉවර වෙන්නේ නෑ... ම්හුක්.." ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු🤭... _________...