CHAPTER 02~

371 67 44
                                    

" උබට මොනාද ඕනි..?? "

රෙස්ටුරන්ට් එකක් ඇතුලේ හිටිය ජන්කුක් සාක්කුවට අත දාලා තමන්ගේ පර්ස් එක ගන්න ගමන් ටේහ්‍යුන් දිහා බලන ගමන් ඇහුවම ජන්කුක් ට රැව්ව ටේහ්‍යුන් මෙනු එකේ ඇමරිකානෝ කියලා තිබ්බ තැන සීතලට තද රතු පාට වෙලා තිබ්බ ඇඟිල්ලක් තිබ්බා... ටේහ්‍යුන් ගේ අත තද රෝස පාට වෙලා තියෙනවා දැක්ක ජන්කුක් ඒකට හිනා වෙලා ටේහ්‍යුන් දිහා බැලුවත් අපේ ආඩම්බරකාර ටේහ්‍යුන් නම් ජන්කුක් දිහා බැලුවේ නෑ...

" ඇමරිකානෝ එකයි, අයිස් කොෆී එකයි... "

කවුන්ටර් එකේ හිටිය කෙල්ලට දිහා බලන් කිව්ව ජන්කුක් ලාවට එයාට හිනා වෙන ගමන් කවුන්ටර් එකට හේත්තු වුනා... කොතන ගියත් ජැක් එකක් ගහගන්නේ නැතුව ඉන්නම බෑනේ ඉතින්... ටේහ්‍යුන් දිහා බැලුවම එයා ඇස් දෙකත් බෝල කරගෙන හතර වටේම ස්කෑන් කරන නිසා ජන්කුක් එයාගේ පෝන් එක අතට ගත්තා...

ඩේටා ඔන් කරපු ගමන් Insta වලින් එක දිගට නොටිෆිකේෂන් ගලා ගෙන එන කොට ජන්කුක් ඇස් දෙකත් බෝල කරන් පෝන් එක බලන් හිටියේ යකෝ මෙච්චර ගොඩක් එන්නේ මොනාද වගේ බැල්මකින්... Tin ගාන සද්දේ වැඩියෙන් එක්කත් ඇහෙන්න ගන්න කොට රෙස්ටුරන්ට් එකේ හිටිය කෙල්ලන්ගෙන් භාගෙට භාගයක අවධානය ජන්කුක් වෙත යොමු වුනා... කෙල්ලන්ගේ අවධානය එයාට යොමු වුනත් ජන්කුක් හිටියේ සයිලන්ට් කරන විදිහ හොයන ගමන්... ඌට ඔය ගෑනු ගැන ගානක් නෑනේ ඉතින්...

" කවුද දන්නෑ ඔච්චර හුහ්... "

මුණු මුණු ගාලා ජන්කුක් ට බැන්න ටේහ්‍යුන් තව ටිකක් ඔරවන ගමන් අහක බලා ගත්තා.... ටේහ්‍යුන් රවලා ගස්සලා අහක බලා ගත්තත් ඒ මැසේජ් තොගේ එන්නේ කාගෙන් ද බලන්න තියෙන වුවමනාවටම ජන්කුක් ලගට කිට්ටු වුන ටේහ්‍යුන් පෝන් එකට රබර් ඇහැ දැම්මා... ජන්කුක් ට කැමති නැත්නම් ඇයි ද දන්නෑ ජන්කුක් ට මැසේජ් දාන කෙල්ලෝ ගැන ටේහ්‍යුන් උනන්දු වෙන්නේ නේද...

" ඔමෝ කවුද ඒ...?? "

" එයා හැන්ඩ්සම්... "

" වාව්... "

" Look he is very handsome man... "

කටටත් අත තියන් ඇඹරී ඇඹරී ජන්කුක් ගැන කියවන කෙල්ලෝ දිහා බැලුව ජන්කුක් ගේ මැනික ට ඔන්න ෆ්ලවර් එක්ක පොහොට්ටුත් පැන්නලු... සමහර කෙල්ලෝ පුටුවත් කඩන් වැටෙන සීන් එකට ඇඹරෙන කොට ටේහ්‍යුන් එවුන් දිහා බලන් හිටියේ ජරා ගොඩක් දිහා බලනවා වගේ බැල්මකින්...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now