CHAPTER 13~

220 49 36
                                    

" ඩොක්ටර්ට ශුවර්ද මේ දේ ගැන... "

" මට කිසිම ඩවුට් එකක් මේ ගැන නෑ පුතේ... බලන්න අපි මේ තරම් වෙලාවක් කරපු හැම රිපෝට් එකකම වගේ ඒක හරිම පැහැදිලිවම සටහන් කරලා තියෙනවා... "

" මට මේ ගැන කිසි දෙයක් හිතාගන්න බෑ ඩොක්ටර්... කොහොමද එහෙම වෙන්නේ... "

" මිස්ටර් ජියොන් ඉන්නේ Depression වල හතර වෙනි අවධියේ... එච්චර වැඩි වෙනකන් මිස්ටර් ජියොන් මොනා කරාද කියලා මට හිතා ගන්න බෑ... අද වුනත් පුතා ආවේ නැත්තන් මිස්ටර් ජියොන් හොස්පිටල් එකටවත් එයිද කියන්න කවුද දන්නේ පුතේ..."

" ඔව් ඩොක්ටර්"

" මිස්ටර් ජියොන්ගේ මොනා හරි පෞද්ගලික ප්‍රශ්න තියෙනවද... "

" නෑ එහෙම දෙයක් නෑ... අප්පට දැන් ගෙදර යන්න පුළුවන් වෙයිද ඩොක්ටර්..."

" අදම ඩිස්චාර්ජ් කරන්න වෙන්නේ නෑ තව චෙකප් ටිකක් කරන්න තියෙනවා පුතේ..."

" හරි ඩොක්ටර්.. එහෙනම් මන් යන්නම්... "

ER එක ලග ඉදන් ඩොක්ටර් එක්කම කැබින් එකට ආව ජන්කුක් හිටියේ සිහියකින් නෙවෙයි... ජියොන් ගෙනාපු වෙලාවේ ඉදන් කරලා තිබුනු රිපෝට් ගොඩක් දිගෑර ගත්ත ඩොක්ටර් ඒවා එකින් එක ජන්කුක්ට පෙන්නන ගමන් පැහැදිලිව විස්තර කරන කොට ජන්කුක් මීක් නොගා ඒවා සාමකාමීව අහන් හිටියා...

ඒ හැම රිපෝට් එකකම තිබ්බේ ජියොන්ට Depression කියලා වෙනකොට ජන්කුක්ට මාරම විදිහේ ටෙන්ශන් එකක් දැනෙන්න ගත්තා... එයාගේ අප්පට එහෙම ලෙඩක් තියෙනවද කියලා පොඩිමවත් ඉගියක් එයාට ලැබිලා නැති කොට ජන්කුක්ට එතන තිබුනු ඔක්කොම පොළොවේ ගහන්න හිතුනත් අත් දෙක ගුලි කර ගත්ත ජන්කුක් ඉවසීමෙන් ඩොක්ටර් අහන කියන හැම එකකටම උත්තර දීලා කැබින් එකෙන් එළියට ආවේ මැරුනු මනුස්සයෙක් ගානට... කැබින් එකේ දොර වහලා දාපු ජන්කුක් එතන බිත්තියට ගහගෙන ගහගෙන ගියේ හිතේ තිබ්බ කේන්තිය, දුක එහෙම හරි අඩු කරගන්න ඕනි නිසයි...

" හේයි හේයි බෝයි... මේ ජියොන්ගේ පුතා නේද... "

බිත්තියට දීලා අරින ගමන් හිටිය ජන්කුක් ලගට ආව ඩොක්ටර් කෙනෙක් ජන්කුක්ගේ උරහිසෙන් අල්ල ගන්න ගමන් ඇහුවම ජන්කුක් රවලා වගේ ඒ මනුස්සයා දිහා බැලුවේ මේ මොකාද වගේ බැල්මකින්... ඒක හරිම දරුණු බැල්මක් නිසාම උරහිස උඩ තියන් හිටපු අත ගත්තු ඒ ඩොක්ටර් හිනාව දාලා එයාව අදුන්වලා දෙන්න පටන් ගත්තා...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now