එදා කැම්පස් එක ළඟට ඇවිත් ගිය ජිමින් ව exam ඉවර වෙනකම්ම දකින්න වුණේ නෑ. ලැව්ගින්නක් වගේ මගේ ප්‍රේමය ගැන කැම්පස් එකේ අස්සක් මුල්ලක් නෑර පැතිරුණත් ඒ කාගේ කවුද කරන්නේ මොනවද කියන දේ නම් තාමත් අභිරහසක්.
ජිමින් ව මුණගැහෙන්න බැරි වුණත් රෑ තිස්සේ එයා එක්ක මල් කැඩීමේ රස්සාව නම් මම අතෑරියේ නැහැ. එහෙම මල් කඩලා සනාගෙන් බැණුම් අහගත්ත අවස්ථාත් එමටයි.
"අනේ අම්මපා. එක්සැම් කිට්ටු වෙද්දීම.. හොඳට හිටපු මේ ලොන්ත බකොස් හාමිනේත් හොයා ගත්තනේ කොල්ලෙක්ව මල් කඩන්න, වෙන එවුන් එක්සැම් ළංවෙද්දි.. ඔය කියවන කියවිල්ල පොඩ්ඩක් අඩු කරනවා. ඒකටත් එක්ක මේ අපේ එකී. අර අහිංසකයට නිදාගන්න දෙන්නෙත් නැතුව කරන විකාරයක්"
අපේ සනා විභාගේ ඉවරවෙන කල්ම පහු ගිය ටිකේ මට දෙහි කැපුවේ ඔන්න ඔය තාලෙන්. Exam එකේ අන්තිම subject එකත් ඉවරවුණු දවසේ හවස සනා ගෙදර ගියේ තවත් දවස් කීපයකින් ආයෙත් එන්නම් කියලයි.
ගෙවුණු අද දවස මතක් වෙන වාරයක් පාසා මගේ මේ ඇස් වලින් කඳුළු ගලන්න පටන්ගත්තා. අවුරුදු ගාණක් සරසවි බිමේ ගෙවුණු මේ අපේ ජීවිත කොච්චර ලස්සනද කියලා මතක් වෙද්දී හිතට හරි දුකයි.
දාලා යන්න බැරි මතක ගොඩාක් එක්ක ඇති වෙච්ච ඒ පවුල පුදුමාකාර සහෝදර බැඳීමක්. බැජ් එකේ කෙල්ලෝ කොල්ලෝ එකිනෙකා බදාගෙන අන්තිම මොහොතේ අඬපු විදිහ මතක් වෙලා තාමත් මගේ ඇස් වලව කඳුළු උනනවා.
ඇනෙක්ස් එකට ආවත් හිතට මොකක් දෝ අමුතු තනිකමක් දැනෙන නිසාම මම ටිකක් නිදා ගත්තා, ඇහැරෙද්දී හවස් වෙලා.
"දෙයියනේ මිස්කෝල්ස් පහක්"
මුල්ම කොල් එක ඇවිත් තිබුණේ දැනට පැයකට කළින්. ඒත් ඒ එක්කම ආපු මැසේජ් එක මම එක හුස්මට කියවගෙන ගියා."හේජින් ඇවිත් ඇති. ලෑස්ති වෙලා එන්න. මම එනකල් අපාට්මන්ට් එකේ ඉන්න. සනා කෝල් කළා චණ්ඩි කෙල්ල අද ගොඩාක් ඇඩුවා කිව්වා"~චිම්~
මොනවත් හිතන්න වෙලාවක් මේ මට තිබුණේ නෑ. Curtain එකෙන් එළිය බලපු මම දැක්කේ ජිමින්ගේ වාහනේ.
YOU ARE READING
Until I Found You. ✅
FanfictionWhen I saw you I fell in love, And you smiled. Because you knew it. ♥️✨ Working on editing typed errors. Start- 230723