යෙස් එක කියන්නේ මගේ ජීවිතේ කියලා මම දන්නවා. ඒත් දැන් ඒ තැන වෙන කෙනෙක් අරගෙන ඉවරයි. ආයේ කිසිම කාලෙක කිසිම දෙයක් නිසා වෙනස් කරන්න බැරි විදිහටම එයා මේ මගේ හිතේ අයිතිය, මගේ හිතේ සැනසීම. මගේ හිතේ ආදරේ සින්නක්කරවම ලියා කියාගෙන අවසානයි. ඉතින් තවත් මොනවා හිතන්නද? මම එහෙම හිතුවේ ඇඳේ එහෙ මෙහෙ පෙරළෙන ගමනේ. පැයක් දෙකක් මේ ගැන හිතලා අවසානයේ ගත්තු තීරණය ගැන මට දැණුනේ සැනසීමක්. ඊටත් පස්සේ ෆෝන් එකට ආපු මැසේජ් එක දිහා මම බැලුවා.
"Good Girl" ඒ ජිමින්
"I know"
"Hahaha..I'ts a mistake' 'මට ගුඩ් ගල් කියලා දැන් කියනවා ඒක මිස්ටේක් එකක්ලු. කපටි කොල්ලෙක් අප්පා මෙයා.
"Not accepted boss"
"Then can you please open the door... my baby"
ඒ කියන්නේ මෙයා ඇවිත්ද? ජිමින් කොහොමද දන්නේ මම අපාර්ට්මන්ට් එක ඇතුළේ ඉන්නවා කියලා? ඇඳෙන් පැනලා දුවගෙන ගිහින් මම නැවතුනේ දොර ළඟයි. හෙමිට බැලුවේ ඇත්තටම එයා ඇවිල්ලද කියලයි. දොර ළඟ හිටගෙන ඉන්න එයාව මට පේනවා. දොර ඇරලා ඉණටත් අත් දෙක තියාගෙන හිට ගෙන ඉන්න ජිමින් දිහා මම බැලුවේ පුදුම වෙලා.
"කොහොමද දන්නේ මම ඇතුළේ ඉන්නවා කියලා..ආ?" ගේ ඇතුළට හිනාවෙවී ආපු ජිමින්ගෙන් එහෙම අහගෙන මම එයාගේ අතේ එල්ලුණා.
" දිවැස්..නංගි දිවැස් ' මගේ නහයෙන් අදින ගමන් එයා එහෙම කිව්වා.
"අනේ ඔයාගේ දිවැස් . කියන්නකෝ "
"ගේ ඇතුළෙන් ලොක් කළාම එළියෙන් කී එක දැම්මට දොර ඇරෙයිද මෝඩි?"
"ආ..ඒකත් ඇත්තනේ "
" කොහොමද දන්නේ ඇතුළේ ඉන්නෙ මම කියලා? " මගේ හිත ඒ ගැන දන්නවා වුණත් එයාගේ කටින් එයාගේ වචන වලින් ඒ දේ තහවුරු කරගන්න මම ආසයි.
"ඔය ලුණු ගොරකා මදි මැණික මේ මාව තම්බන්න" ඔන්න ඉතින් එහෙම කියලා එයා හිනා වෙනවා.
"කියන්නකෝ. කියන්නකෝ "
"උඹ හිතුවද ගෑණු දහයකට විතර මම මෙකේ යතුරු දීලා භියෙනවා කියලා? එක කී එකයි. ඒක දීලා තියෙන්නේ මෙන්න මේ පිස්සු කෝච්චියට විතරයි. තේරුණාද? හරිද? දැන් සතුටුයිද?" එහෙම කියන ජිමින් ගේ මුහුණ දිහා මම බලාගෙන හිටියේ හිනාවෙවී. ඊටත් පස්සේ එයාගේ කම්මුලක් හෙමීට සිපහත්තේ ඒ බෙල්ලේ එල්ලිලා. ඒ සැණින් මේ මාව එයාගේ අත් දෙකට උස්සගත්තාම නම් මහ හයියෙන් මම කැගැහුවේ ජිමින් ගේ ශර්ට් එක තදින් මිරිකගෙන. බොහොම පරිස්සමට මාව එයා ඇඳෙන් තියද්දිත් මම හිටියේ එයාගේ ශර්ට් එකේ එල්ලීගෙන ඒ ඇස් අස්සේ බොහෝ දුර ගමනක් යමිනුයි. ඇසිල්ලකින් මාවත් තුරුලු කරගෙනම ජිමින් දෙතුන් වතාවක් ඇඳේ එහෙට මෙහෙට පෙරළෙද්දී මහ හයියෙන් ඇති තරම් මම හිනාවුණා. හිනාවෙච්ච මහන්සියට පපුව ගැහෙද්දි ලිහුණු කොණ්ඩ කැරළි මුළු මුහුණ පුරාම වැටිලා තියෙද්දී එයා හෙමිට ඒ කෙස් රොදවල් මගේ කන පිටිපස්සෙන් රැන්දුවේ මගේ ඇස් වලට එබීගෙන. මම ඒ මූණටම දෝත තියා ගත්තේ ඒ කම්මුල් මගේ අල්ලට හිර කරගෙන. ඒ රළු දෙතොල් මගේ මුහුණ පුරා එහේ මෙහේ යද්දි, රැවුල් කොට ඇනෙන කම්මුල් මගේ කම්මුල්වල දැවටෙද්දී, සියුම්ව රිදුම් දෙන වේදනාවට වඩා මේ පහස මේ මගේ හිත පුරා විහිදුනේ නිමේෂයෙන්.
YOU ARE READING
Until I Found You. ✅
FanficWhen I saw you I fell in love, And you smiled. Because you knew it. ♥️✨ Working on editing typed errors. Start- 230723