15 කොටස

18 4 0
                                    

"තාත්තව බලන්න යමුද බබා?" දිලිසෙන ඒ ඇස් අස්සේ ඉල්ලීමකට එහා ගිය හැඟීමක් දකිද්දී, දවසින් දවස ජිමින්ගේ ලෝකේ එක්ක අමුතු බැඳීමකින් බැඳෙද්දී, ඔලුව වනල ඒ අදහසට මම එකඟ වුණා. එන්න එන්නම එයාගේ ලෝකේ අස්සේ මාව රඳවගන්න විදිය හරි අපුරුයි. ඒත් තවමත් ලෙහාගන්න බැරි පැටලිල්ක එළිලා වෙලිලා ඉන්නේ මේ මමම විතරයි.

"චිම්"

"හ්ම්"

"ඔයා කරන මේ දේ හරිද?"

"මොකද්ද දැන් මේකේ තියන වැරද්ද?"

"තාත්තා බලන්න මාත් එක්ක යන එක"
සැලෙන ඇහිපිය අස්සෙන් මම බැලුවේ ඒ මූණ දිහා

"හැමදාම තනියම යන එකේ.. අද චූටි කෙල්ලෙක් එක්ක ආවා කියලා මම එයාට කියන්නම්" එයාගේ ඒ වචන බොහොම සැහැල්ලුයි. ඒ බැල්මත් ඒ වගෙයි.

"අනේ මන්දා ජිමින් ඔයා.. කතා කරලා බේරෙන්න බැනේ ඉතින්"

"කතාකරලා තියා කතා නොකරවත් මගෙන් බේරෙන්න හිතන්නවත් එපා" මගේ කම්මුලකට තට්ටුවක් දාලා හිනාවෙවි ජිමින් මෙහෙම කියද්දි, සැහැල්ලුවෙන් මම හිනාවුණා.

ජිමින් මාව එක්ක ගියේ එයාගේ තාත්තා ඉන්න කාමරයට. අමුතු තාලෙන් හිත ගැහෙද්දි මම ඒ කාමරේ කොණක හිට ගත්තා. ජිමින් මේ කියන කරන හැමදේම මගේ හිතට හොඳටෝම බර වැඩි වෙද්දි, අත්හරින්නට ලෝභ හිතෙන මේ කොල්ලා දිහා මම බලාහිටියේ ඇස් අගට කඳුළු පිරෙද්දියි.

මේ හැමදෙයකින්ම මාව මගේ සැහැල්ලු ජීවිතෙන් හුගාක් දුරකට අරගෙන යනවා කියලා නම් දැන් මට ඉරහඳ වගේ විශ්වාසයි.

ජිමින් මගේ අතින් අල්ලගෙනම ගියේ එයාගේ තාත්තා ළඟටයි. තාත්තගෙ ඇස් එක එල්ලේ වැටිලා තිබුණේ ජිමින්ගේ මුහුණ මතට. ඊටත් පස්සේ ඒ නෙත් රැදුණේ මගේ මුහුණේ.

ජිමින්ට මොන මොනවදෝ අමාරුවෙන් කියන්න එයා ලොකු උත්සාහයක් ගත්තා. ඒ මුළු කාලේ පුරාවටම එක සීරුවට ජිමින් ඒ අත අල්ලගෙන පිරිමැද්දේ, නොයෙකුත් දේවල් ගැන විස්තර කියමින්.

ඒ හැමදේම ලබන සතියේ කෙරෙන විවෘත කිරීම ගැන වගේම JM එකේ අලුත්ම තොරතුරු වෙද්දි, මම හිටියේ නම් මේ දෙන්නා කතා කරන මේ දේවල් ගැන පුදුම වෙලා.

Until I Found You. ✅Where stories live. Discover now