ජේජු වලට ඇදහැලෙන මහ වැස්සේම අපි seoul එන්න පිටත්වුණා. ඒ ගමන පුරාවටම අපිට අපි ගැන කතා කරන්න නම් දේවල් බොහොමයක් එකතුවෙලා තිබුණා. ඉමක් කොනක් නැති පාර්ක් ජිමින්ගේ වගකීම් එක්ක මගේ මීඩියා ලයිෆ් එක කොහොමටවත් ගළපගන්න බැරි වෙද්දී, අපි දෙන්නා එකට යන්න හදන අපේ අනාගතේ කොහොම ගළපගන්නද කියලාවත් මට නම් තේරෙන්නෙ නැතිදෝ මන්දා. ඒත් ඉතින් හැමදාමත් හැමදේම හරි හතරැස් විදිහට නොලැබුණු මගේ ලැබීමට මම ආසා කළා. ආදරේ කළා. ඒ හැමදේම අභියෝගයක් විදිහට මට ලැබෙද්දි, පාර්ක් ජිමින් එක්ක චිම් ව මගේ ජීවිතේ අස්සේ ගළපගන්න එකත් මුළු ජිවිත කාලෙ පුරාවටම මට ලැබෙන එකම අභියෝගය වෙද්දී, ඒ අභියෝගය අස්සේ හැඩවෙලා තෙරපිලා රටා මැවිලා විහිදෙන මේ ආදරේ වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න මේ ජී දැන් ලැස්තියි.
මග දිගට කියව කියව ආපු මම අහපු හැම ප්‍රග්නෙකටම මේ ජිමින් කොලුවට එක උත්තරයක් වෙනුවට එක පෙළට උත්තර සීයක් එක්ක, එක ඔප්ශන් එකක් වෙනුවට ඔප්ශන් දහයක් දොළහක් එක වතාවේ එයාගේ කටින් එළියට එද්දි මම හිටියේ නම් ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන ඒ මූණ දිහා බලාගෙනයි.
"චිම්" විනාඩි ගාණකට පස්සේ මම ආයෙන් බැලුවේ ඒ මුණ දිහා.
"හ්ම්" ඒ එයා
"අපි හෝම්කමින් එකෙන් පස්සේ අපාට්මන්ට් එකේද ඉන්නේ?"
"ඔයාට කොහෙද ඉන්න ඕනේ?" ඔන්න ඉතින් සුපුරුදු ප්‍රශ්න පිට ප්‍රශ්න මාලාව.
"දැන් මම කියන ඕනේම තැනක ඉන්න ලැස්තිද?" ඇස් දෙකත් නටව නටව එහෙම අහද්දි නම් ජිමින් හිනාවෙන්නේ කට කොණින්. එහෙම හිනාවෙද්දී වල ගැහෙන කම්මුලට දබර ඇඟිල්ල තියලා තදකරලා මම බැලුවේ ඒ මූණ දිහායි.
"රිදෙනවා මෝඩියේ ආව්.. ඕනේ තැනක කිව්වම සනා එක්ක ඇනෙක්ස් එකේ ඉන්න නම් කතා කරන්න එපා මැට්ටි" ඔන්න ඉතින් එයා මේ මම ගැන හිතාගෙන ඉන්න තාලේ. ජේජු වලින් පිටත් වෙච්ච ගමන LOTTE හොටෙල් එකෙන් කෙළවර වෙද්දී යුන්හි අක්කා එක්ක අනිත් අයත් හොටෙල් එකට ඇවිත් හිටියේ හෝම්කමින් එකට මාව හැඩ කරන්නයි.
මම ආස කළ විදිහටම යුන්හි අක්කගේ අතින් මාව හැඩගැන්වුණා. කාලයක ඉඳලා හිතේ කොනක අරුම පුදුම විදිහට තැන්පත් වුණු මේ ආශාව මගේ හිතේ හැටියට ඉටුවෙද්දි, රතුපාට ගවුමට හිස් මුදුනට වෙන්න හැඩ වුණු හෙයා බන් එක වටේ එතුනු සරල චාම් හෙඩ් ඩ්‍රස් එක මගේ මූණට එකතු කළේ හරි අමුතු පෙනුමක්. වෙඩින් ෆොටෝ ශුට් එකේදී බොහොම අමාරුවෙන් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටිය අපි දෙන්නා හෝම්කමින් ෆොටෝ ශුට් එකේදී බොහොම සැහැල්ලුවෙන් කැරකි කැරකි හිටියේ හිනා වෙවීයි. අපේ පස්සෙන් යන යන තැනට අත්වැල් සපයමින් ආවේ රයන් අයියා එක්ක සනා යි. ලැබුණු පොඩි චාන්ස් එකත් අත් නොහැර රයන් අයියා ජිමින් ළඟට කිට්ටු වෙන දිහා මම බලාහිටියා.
YOU ARE READING
Until I Found You. ✅
FanficWhen I saw you I fell in love, And you smiled. Because you knew it. ♥️✨ Working on editing typed errors. Start- 230723