26 කොටස

8 3 0
                                    

දවස් දෙක තුනක් ගෙවිලා ගියේ ලැබුණු හදිසි වැඩ කිහිපයක් එක්කම බොහෝ කාර්ය බහුල වෙමින්. විශේෂ කවරින් කිහිපයකටම Seoul වලින් පිටතට යන්න වුණු නිසාම පහුගිය දින දෙකේම ඇනෙක්ස් එකට ආවේ හුඟාක් රෑ වෙලයි. සනාගේ සුපුරුදු පාන්දර වාදනේ ඇහෙද්දි මම ඇස් ඇරලා බැලුවා. ඊයේ මහ රෑ මම ඇනෙක්ස් එකට එද්දි සනා ගෙදර ඉඳන් ඇවිත් මහන්සියට හොඳටෝම නිදි. ඒත් ඉතින් පහුගිය දවස් ටිකේම මේ මට හොරෙන් මගේ කල් ක්‍රියාව ගැන ජිමින්ට නිව්ස් දීලා තියෙන්නේ මේ සනා කියලා ජිමින්ගේ කටින්ම පිටවුණේ අහම්බයකින් වෙද්දි. මම හිටියේම සනා ව අල්ලගන්න.

ඇනෙක්ස් එකට ආපු ගමන් මම අල්ල ගත්තේ සනාගේ බෙල්ලෙන්. ඊටත් පස්සේ ආටිකල් එකත් එක්ක තියෙන සිද්ධිය පැහැදිලි කළාම නම් සනාත් බයවුණා. මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඕනෙම වෙලාවක දෙපාරක් නොහිතා සනා උදව් කරනවා කියලා මම දන්නවා.

"නැගිටපන් ජී.. පරක්කු වෙලා.. හතයි වෙලාව"

"හ්ම්..හා..හා "

"උඹලා දෙන්නා ගිය සතියේ හිටියා වගේ තරහාවෙලා නේද ඉන්නවා කිව්වේ? ඇත්තටම තරහා වෙන්න බැරිද දන්නේ නෑ. ඇයි වදේ. ගිය සතියේ එක දවසක් මේ මට හය වෙනකල්වත් සැනසිල්ලේ නිදා ගන්න දුන්නද කියපන් ජී.. පාන්දර ඉඳන් නැගිටගෙන එහෙට යනවා මෙහෙට යනවා. ඒ මදිවට කවදාවත් උදේට තේ හදන්නේ නැති ගෑනි.. මෙන්න තේ හදනවා. ඒකටත් එක්ක දැන්.. උඩදාගෙන හොඳට නිදි. අනේ ඉතින් උඹ නම්.. හැදෙන්නේ නෑ..නැගිටපන් බන්."

සනාගේ කෑගැහිල්ල නිසාම මම ඇඳෙන් නැගිට්ටා. ඒත් එක්කම මට මතක් වුණේ මේ වීක්එන්ඩ් එකේ අනිවාර්‌යෙන් ගෙදර එන්න කියලා අම්මා කිව්වා නේද කියලයි. හේතුවක් නොකිව්වත් මොකක් හෝ විශේෂ දෙයක් ඇති කියලා මට දැනෙනවා. ඒත් එක්කම රින්වුණු ෆෝන් එක මම අතට ගත්තා.

"හෙලෝ"

"සුදු බබා"

"සුභ උදෑසනක් වේවා" ඒ මම.

"රස්තියාදු ගහලා ඉවරද?" හිතුවා වගේම පහුගිය දවස් දෙකේ එහෙ මෙහෙ ගිය එක ගැන ජිමින් ඉන්නේ එච්චරම සතුටකින් නෙවෙයි කියලා මට තේරුණා.

"ඔන්න ඔන්න ඉතින් මහත්තයා වැරදි ට්‍රැක් එකකට මාරු වෙනවා. ඒකට කියන්නේ රස්තියාදුව කියලා නෙවෙයි.. ඒකට කියන්නේ ජොබ් රෙස්පොන්සිබිලිටි කියලා" මම එහෙම කිව්වේ හිනා වෙවී.

Until I Found You. ✅Where stories live. Discover now