"Excuse me madam"
ඒ කතා කළේ මටද කියලා බලන්න මම පිටිපස්ස හැරිලා බැලුවා. ජිමින් ව මතක් කරද්දිත් ජිමින්ගේ ගෝලයෙක් කොහෙන් මෙතනට කඩාගෙන පාත් වුණාද කියලයි මම මේ බැලුවේ.
"මැඩම් මෙතනට ඇවිත් දැන් පැය තුනකටත් වැඩිනේ. සර් කියනවා මැඩම්ව එක්ක යන්නලු"
'දෙයියනේ මම මෙතන කියලා මේ Airways team එක දන්නේ කොහොමද?' හැම ප්‍රශ්නම පැත්තක තියලා මම හිතුවේ ඒ ගැන.
"සර් කෝ?"
"සර් Marriott Hotel එකේ. හෙට function එකට ආපු visitors ලා කට්ටියක් එක්ක පොඩි meeting එකක් මැඩම්"
"මම මෙතන කියලා.. එයා දන්නේ කොහොමද?"
"මැඩම් එනවා අපි දැක්කා. සර්ට කිව්වම සර් කිව්වා මැඩම් ගාවින් හෙලවෙන්න එපා කියලා. මෙහෙම තනියම ඉන්න මේ වෙලාව එච්චර හොඳ නෑ මැඩම්"
අනේ මගේ ජිමින් ඔයා මාව පිස්සු වට්ටනවා දෙයියනේ.' මගේ හිත කෑගහනවා.
"අපි යමු මැඩම්"
"යමු"
මම නැගිට්ටේ hotel එකේ පැත්තත් බලමින්, දැන් ඉතින් ඔය කොහේ හරි ඉඳගෙන මම ඉන්න තැනකට රබර් ඇහැ දාගෙන ඇති. අනේ මන්දා පාර්ක් ජිමින් අපි දෙන්නා මේ කොහේ යනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.
ජිමින්ගේ driver කෙනෙක් මාව ඇනෙක්ස් එකට එක්ක ආවා. මට වගේම මගේ හිත් පොජ්ජටත් දැන් හොඳටෝම වෙහෙසයි. නැව ගිලුනත් බෑන්වූන් ටයිප් එකෙන් හිටිය මම අද මගේ හිතත් එකම මේ ප්‍රශ්න අස්සේ ගිලෙන්නේ හුස්මත් හිරවෙද්දියි.
කොයි කවදත් කිසිම දෙයක් ගැන ඕනේවට වඩා දිගට පළලට හරහට ලතැවි ලතැවී හිත හිත ඉන්න පුරුද්දක් මට නෑ. ඒත් මේ ප්‍රශ්න ගැන එහෙම හිතුවා කියලා හිතේ බර නැති වුණෙත් නෑ. මොන දේත් හිනාවෙලා භාරගත්ත මට අදත් මේ වෙලාවෙත් හිනාවෙලා ඉන්න පුදුමාකාර ඕනේකමක් තියෙනවා.
මගේ හිනාව කෙනෙක් ළඟ සින්නක්කරවම නැවතිලා කියලා මම දැන් දන්නවා. Off කරලා තිබුණු phone එක on කරලා මම කෝල් කළේ ජිමින් ට. ඒ කටහඬ අහන්න හිත පොරකන්නේ මහා ලොකු සැනසීමක් බලාපොරොත්තුවෙන් වගෙයි.
"හෙලෝ"
"Phone off කරගෙන. තනියම රස්තියාදු ගහල දැන්ද මතක්වුණේ නෝනට මාව..?"
YOU ARE READING
Until I Found You. ✅
FanfictionWhen I saw you I fell in love, And you smiled. Because you knew it. ♥️✨ Working on editing typed errors. Start- 230723