ජිමින් උදේම ඇහැරගෙන කාමරේ පුරා එහේ මෙහේ යද්දී මම හෙමිට ඇස් දෙක ඇරලා බැලුවේ පුදුම කම්මැලිකමකින්.
"නැගිටින්න සුදු.. අද යෙස් එකේ ඉන්ටවිව් එක"
"අනේ චිම් අද.. මම දන්නෙත් නෑනේ"
"ඊයේ හවස කෙවින් ඇහුවම මම කිව්වා අද උදේ එන්නම් කියලා බබා.. දැන් මාස තුන හතරක ඉඳලනේ ඉන්ටවිව් එක ඉල්ලන්නේ.. හොඳ නෑ නේ" ඇඳෙන් නැගිට්ටත් දවස් දෙක තුනක ඉඳලා හිතටද ඇඟටද මන්දා දැනෙන මේ අමුත්ත නම් මගේ ඔළුවට හරිම වදයක්. මම වොශ් දාලා හෙමි හෙමීට ලැස්ති වෙන දිහා ඇඳේ ඉඳගෙන බලා ඉන්න ජිමින් දිහා මම බැලුවේ අහම්බයෙන්. ඇහි බැමි උස්සලා මම එයාගෙන් ඇහුවේ ඇයි කියලයි.
"අද අමුතුයි.." ඒ එයා. මගේ ළඟටම ඇවිත් එහෙම කියද්දී, මම හිනාවුණේ වෙනසක් නෑ කියලා පෙන්නන්න හිතාගෙන..
"එහෙම නෑ" හිතේ සැකයකුත් තියාගෙන එහෙම කිව්වට මේ මාත් හිටියේ දෙයක් ගැන දැවෙන හිතින්..
"යමුද එහෙනම්?" එහෙම කියපු ජිමින්ගේ අතේ එල්ලිලා මම එළියට බැස්සේ දවස් ගානකට පස්සේ ලැබුණු මේ අවස්ථාව ගැන ඕනේවට වඩා සතුටු වෙමින්.
යෙස් එකට යද්දිම කෙවින් අයියා අපි දෙන්නව පිළිගත්තේ නම් බොහොම ලස්සනට, පාර්ක් ජිමින්ගේ වයිෆ් වෙච්චි නිසාම දැන් දැන් මට යෙස් එකේ තියෙන පිළිගැනීමත් හරි ඉහළයි කියලා මට තේරුණේ නම් වෙඩින් එකෙන් පස්සේ යෙස් එකට ආව මුල් දවසේ ඉඳලයි..යෙස් එකේ හැමෝම මේ ඉන්ටවිව් එක ගැන අහස උසට බලාපොරොත්තු පොදි බැදගෙන හිටියා කියලා මම දැනගෙන හිටියා වුණත් පහුගිය කාලෙම පාර්ක් ජිමින් "Air Seoul" වෙබ් පේජ් එක එක්ක වගේම "Air Seoul" සංචාරක හෝටල් ජාලයේ මුලික වැඩ කටයුතු එක්ක බිසී කියලා නම් යෙස් එකේ වගේම රටේ ලෝකේ හැමෝම දැනගෙන හිටියේ කොරියාවේ බිස්නස් නිව්ස් වල වගේම ලෝකෙත් මේ ගැන හරි හරියට කතාවුණු නිසාමයි.
Zuyu මෙහෙයවන්න සූදානම් වුණු ඒ ප්‍රොග්‍රෑම් එක රෙකෝඩ් කරන්න අපි දෙන්නා ගියේ යෙස් ස්ටූඩියෝ එකට.
"හායි.. ජී .. එන්න ජිමින් සර්"
"දැන් උඹ රයන්ව බැන්දමද දෙයියනේ කියලා මට අයියා කියලා කතා කරන්නේ." ජිමින් එහෙම අහද්දි zuyuගේ ඇස් දිලිසෙන විදිහ මේ මට පේනවා.
YOU ARE READING
Until I Found You. ✅
FanficWhen I saw you I fell in love, And you smiled. Because you knew it. ♥️✨ Working on editing typed errors. Start- 230723