35 කොටස

15 4 2
                                    

රිදුම් දෙන දකුණු අත හොලවන්නවත් බැරිවෙද්දි..අමාරුවෙන් මම ඇස් ඇරලා බැලුවා. බොහොම අමාරුවෙන් කාමරේ පුරාම ඇස් එහේ මෙහේ කළා. දකුණු අතට ගහලා තියෙන කැනිකියුලා එක දිගේ බිංදු බිංදු වැටෙන සේලයින් එක දිහා මම ටික වෙලාවක් බලාහිටියේ ඇස් දෙක ලොකු කරගෙන. මම ඉන්නේ හොස්පිටල් එකක කියලා මට තේරුණා. ඒත් එක්කම වගේ කාමරේට ආපු ඒ මූණ මතම මගේ ඇස් නතර වුණේ ඇස් අගට කඳුළු පිරෙද්දි. ඒත් මගේ ඇස් මඟහරිමින් ළඟට ආපු ජිමින්ගේ පිටි පස්සෙන්ම ඩොක්ටර් එක්ක නර්ස් කාමරේට ඇතුල් වෙනවා මම දැක්කා.

"කොහොමද මිස් ජියුන් දැන්" මම හිනාවෙන්න හැදුවත් ඒ හිනාව පිටවුණේ නෑ.

"මට පේන්නේ ළමයා උණ තියෙද්දිම නාලා වගේ" ඩොක්ටර් එහෙම කියද්දිත් මම හිටියේ ගොළුවෙලා. ජිමින්ගේ ඇස් දෙක මගේ මූණටම වැටිලා තිබුණේ කේන්තිය මුසුවෙච්ච අමුතු හැඟීමක් එක්ක.

"මොකද වුණේ ඔයාට..ම්.. පැය කීයක් වතුරේ හිටියද මැඩම්" මේ දොස්තර පේන බලනවද මන්දා. ඩොක්ටර් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට ආයෙමත් වතාවක් මම බැලුවේ ජිමින්ගේ මූණ දිහා. ඩොක්ටර් දිහා බලාගෙන හිටිය ජිමින් ඒ සැණින් මගේ දිහා බලද්දි. හිමිච්චි වගේ මම අහක බලාගත්තා.

"මිස්ටර් ජිමින්. බෙහෙත් ටික බොන්න දෙන්න දිගටම. උණ නම් අඩුවෙලා යයි... මෙයා ටිකක් වීක්. ඒකයි මේ ඔරොත්තු දෙන්නේ නැත්තේ"

"මැඩම් ජීයුන්.. වැඩිය එක දිගට මහන්සි වෙන්න එපා. ටික දවසක් රෙස්ට් කරන්න. හරි..තව ටිකකින් ඩිස්චාර්ජ් කරයි." ඩොක්ට කාමරෙන් යන දිහා බලාහිටිය මම හිතාමතාම ජිමින්ගේ ඇස් මඟ හැරියා. ඇඳේ ඉඳගත්ත මම ඊළඟට බැලුවේ මම මේ ඇඳගෙන ඉන්න ඇඳුම දිහායි. ඊටත් පස්සේ මම බැලුවේ ජිමින් දිහායි.

'දෙයියනේ මේ මොකද්ද මේ මම ඇඳගෙන ඉන්නේ ඊයේ රෑ නාගෙන ඇවිත් මම ඇඳ ගත්තේ ජිමින්ගේ ශර්ට් එකකුයි ශෝර්ට් එකකුයි නේද කියලා මතක් වෙද්දී මටම ලැජ්ජයි. අල්මාරියක් පුරවලා අලුත් ඇදුම් තියෙනවා කියලා ජිමින් කිව්වත් ඒ එකක් දිහාවත් බලන්න මට ඕනේ වුණේ නෑ. ඒ නිසාම ජිමින්ගේ ඇඳුමක් ඇඳ ගත්තේ ඒ දේත් මගේ හිතට සනීපයක් ගේන නිසයි.

Until I Found You. ✅Where stories live. Discover now