මම උදේ පාන්දරින්ම නැගිට්ටා. අද විශේෂ දවසක්. JM Airways එකේ උතුරු ආසියාවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ coverage එකට මේ ජී හොඳින්ම සූදානම්. මේ වගේ covering එකකට යද්දි වෙනදට මුලින්ම මට call කරන්නේ YES team එකේ කෙනෙක් වෙද්දි..අද දවසේ ඒ වෙනුවෙන් පළවෙනි call එක ආවේ නම් JM Airways Marketing Director ගෙන්, මේ ගැන අපේ YES එකේ අය දන්නව නම් මට මොනවා වෙයිද කියලා හිත හිතම මම කෝල් එක ආන්සර් කළා.
"හෙලෝ.. ගුඩ්මෝනින් මිස්ටර් ඩිරෙක්ටර්"
"ගුඩ්මෝනින් මැඩම්..ready ද ?"
"හ්ම්..ready ඔයා?"
"ලෑස්ති වෙන ගමන්. ඒක නෙවෙයි..වෙහිකල් එක එවන්නද?"
"අනේ එපා චිම්. මම කැබ් එකක යන්නම්"
"හ්ම්...සුදු බබා"
"මොකෝ"
"අද function එක වෙලාවේ මට ඔයා එක්ක කතා කරන්න බැරි වෙයිනේ"
"ඔව් ඉතින්"
"නෑ.. මම මේ කියන්නේ"
"ඔව් දැන් මේ මහත්තයා හිතන් ඉන්නේ. ඔය මහත්තයා කතාකරේ නෑ කියලා මේ අපි නිකට බීම තියාගෙන ඉඳියි කියලද ආ? වැඩේමයි"
"මේකිගේ කටනේ වැඩේ."
"ඉතින් ඇත්තනේ"
"මූණ දික්කරගෙන එල්ලගෙන ඉන්නේ නැතුව හිනාවෙලා ඉන්නව නම් ඉතින් ඔය මූණ දිහා බලාගන්න අයත් සන්තෝසෙන් ඉදියි"
"හරි හරි තේරුම් ගත්තා. මේ මිස්ටර් පාර්ක් ජිමින්.. මම ෆෝන් එක තියන්නද ? මට පරක්කු වෙනවා"
"ඕකේ මැඩම්.. සී යූ"
"බායි"
දඩි බිඩියේම ඇනෙක්ස් එකෙන් එළියට බැහැලා කැබ් එකකින් මම ආවේ යෙස් එකට. ඒ එද්දිත් ගෙම්බා අයියයි zuyu යි මම එනකල් මඟ බලාගෙන ඉන්නවා,
"අනේ අම්මපා ජී "ඒ ගෙම්බා අයියා
"ඇයි අයියේ?"
"ඇයි අයියේ.. තමයි " ගෙම්බා අයියා එහෙම කියද්දි zuyu හිනා වෙන්නේ මගේ දිහායි ගෙම්බා අයියා දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්.
"යකෝ නවයට opening එක. උඹ නම් හැදෙන එකියක් නෙවෙයි. දා ගන්න පැලැස්තරයක් ඔය මූණේ උලාගෙන වරෙන් ඉක්මනට තව හිනාවෙවී ඉන්නේ නැතුව "
YOU ARE READING
Until I Found You. ✅
FanfictionWhen I saw you I fell in love, And you smiled. Because you knew it. ♥️✨ Working on editing typed errors. Start- 230723