34 කොටස

11 3 0
                                    

හැන්දෑවේ යෙස් එකට ආවේ JM එකේ ප්‍රොග්‍රෑම් එක ඉවර කරන්නයි. යෙස් එකට ආවත් හරි ජිමින් කොලුවගේ මුහුණේ එක හිනා පොදක් තිබුණේ නැහැ. හැම විශුවල් එකකම තිබුණු ඇහැට නොපෙනෙන අඩුපාඩු පවා එක තත්පරෙන් අල්ලාගන්න ජිමින්ගේ ඇස් දෙකට පුංචි වැරැද්දක්වත් මඟහැරුණේ නැති තරම්. අපේ කණ්ඩායමම ගල්ගිල්ලා වගේ බය බිරාන්ත වෙලා පාර්ක් ජිමින්ගේ ප්‍රශ්න මාලාවට උත්තර දෙද්දි.. ප්‍රඩියුසර් විදිහට මාත් බැණුම් අහපු තැන් නම් අනන්තයි. ඒ හැම තැනදිම මේ කිම් ජියුන් යෙස් ප්‍රොග්‍රෑම් එඩිටර් මිසක් ජිමින්ගේ ජී වුණේ නම් නැහැ.

එයා අහන හැම ප්‍රශ්නයකටම මට මොකක් හරි උත්තරයක් තිබුණා. අපේ කට්ටියම මගේ දිහා බලාහිටියේ නම් ජී ට ආයේ ජිමින් එක්ක නම් ප්‍රොග්‍රෑම් එකක් කරනවා බොරු. මේකී මේ උත්තර දෙන විදිහට නම් මීට පස්සේ මේකිට ජිමින් ගේ ප්‍රොග්‍රෑම් එකක්වත් ලැබෙන එකක් නෑ' වගෙයි. අවසානයේ හැම දෙයක්ම සාර්ථකව නිමවෙද්දී මට දැණුනේ පුදුමාකාර සැහැල්ලුවක්. ඒ භාරදූර රාජකාරියේ අවසානයේ මම බෝඩිමට ආවේ නම් කොච්චර මහන්සි දවසක් වුණත් හිතේ නිදහසෙන්. හිතේ සැනසීමට එකම හේතුව පාර්ක් ජිමින් ම විතරයි. මගේ රාජකාරි ජීවිතයේ පළමු වතාවට වාර්ථාමය වැඩසටහනක සම්පූර්ණ වගකීම කරද්දී මේ ප්‍රොග්‍රෑම් එක මේ තරම් සාර්ථකව නිමවුණේ ජිමින්ගෙන් ලැබුණු සහයෝගය නිසාමයි.

අද දවසේ තියෙන විශේෂය නිසාම පන්සලට යන්න මට ඇති වුණේ පුදුමාකාර ආසාවක්. ඉස්සර දවස් වල වගේ නිදහසේ ගමන් බිමන් යන්නට දැන් බැරිවෙද්දී මට මතක් වුණේ හිතුණු හිතුණු තැන්වල ඇවිද්ද අපේ ඒ කැම්පස් අතීතය. නොකියා රස්තියාදුවේ ගියා කියන නෝක්කාඩුවෙන් බේරෙන්න ඕනේ නිසාම කැබ් එකට නැගලා ජිමින් ට මැසේජ් එකක් දැම්මා. කැබ් එක නැවැත්තුවේ පන්සල ඉස්සරහාමයි. හවස හය පහුවෙලා නිසාම කවදත් වගේ විහාරයට සෙනඟ ඇදෙනවා.

මල් වට්ටියත් අත් දෙකින්ම අරගෙන මේ මම ඇවිදගෙන ගියේ බෝ මලුව පැත්තට. දැන් දැන් පන්සල පුරා ඉන්න එක්කෙනා දෙන්නා මගේ මූණ දිහා බලලා අහක බලාගෙන ආයෙත් හැරිලා බලලා හිනා වෙද්දි නම් මට ටිකක් විතර ලැජ්ජයි. ඒ අතර 'අර යෙස් ටීවී එකේ ඉන්නේ..නිව්ස් කියන්නේ.. එයා තමයි.. කෝ.. ආ ඔව් ඔව් එයා එයා' ඔන්න ඔය වගේ කතා බස් මගේ කනට ඇහුණා. සනාවත් තනියට හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. නොදැනීම ටික ටික රෑ වෙද්දි මම ඇවිත් ඉඳගත්තේ බෝ මලුවේ වළාකුලු බැම්මට පිට දීලයි. ඇස් දෙක පියා ගත්තේ මුළු පපුව පුරවලා හුස්මක් ගන්න ගමන්.

Until I Found You. ✅Where stories live. Discover now