12කොටස

270 31 64
                                    

රෑ එලිවෙනකම් නංගිව නාවන්න ඕන කරන නාන කොටුවත් හදලා අම්මා කිව්ව අනිත් දේවල් පවා හදලා කාමරේට ආවේ එයා අම්මා එක්ක කිරි ආච්චිව ගෙදර දාන්න ගිය නිසා මං කාමරේට එනකොටත් අකේෂ් නිදි පව් අම්මා එක්ක උදේ ඉදන් හිටියා කිව්වේ අකේෂ් අක්කලා නංගි එක්ක නිසා සෙනායා අක්කයි අකේෂුයි තමා අම්මත් එක්ක වැඩ කරලා තිබ්බේ...

සචින් අයියලා හදන්න ඕන කරන දේවල් ටික කරන්න මට උදව් කරද්දි එයා අම්මා එක්ක යන්න කරන්න තිබ්බ වැඩ ටික කරේ හවස අම්මා එක්ක ආයෙත් වෙද සීයලා දිහා ගිහින් හෙට එන්න සීයට ආරාධනා කරලා එද්දි..

කාමරෙට ආව මම පැදුර බිමින් දාලා නිදියන්න ලෑස්ති කරලා එලියට බැස්සේ කොච්චර කිව්වත් සීයා කිව්ව දේවල් මට දැන් දැන් හිසරදයක් වෙද්දි...

"උබලට මේකව පරිස්සම් කොරගන්ට වෙයි ලිත්සිලු...ම්ම්ම්..."

ඒ වචන කනට වැටුන වෙලේ ඉදන් හිතට මහා අමුත්තක් දැනෙද්දි එයා කියන්නෙම නොහිතා ඉන්න කියලා ඒත් කොහොමද නොහිතා ඉන්නේ එක්කෝ එයාට වෙන දෙයක් තියනවා මට නොකියා සීයා එයාට විතරක් කිව්වේ මොකද්ද??

ආ...දැන් ඔලුවත් විකාර වෙනවා මගේ හ්ම්ක්...

"ඉතින් විකාර කරගන්න එපා...

මම ගැස්සුනේ මිදුලේ ඇවිදන ගමන් කල්පනා ලෝකේ අතර මන් වෙලා හිටිය මගේ පිටිපස්සෙන් ඇහුන එයාගේ කටහඬට වෙද්දි එයා දිහා බලනකොට එයා ඉන්නවා අම්මා එක්ක යන්න ඇදපු සුදු ටීශර්ට් එක පිටින් අත් දෙකත් බැදන්..

"මොනාටද විකාර කරගන්නේ ??

" අයියේ...

"ම්න්...අයියා තමා ඒත් අභිට මම කිව්ව දේවල් තේරෙන්නේ නෑ වගේ??ම්ම්..

මගේ ලඟට ආව එයා නොරිස්සුමෙන් කතා කරද්දි මම කවදාවත් නැතුව අද එයා දිහා බලන් හිටියේ කේන්තියෙන් මේ මනුස්සයට තමන් ගැන බයක් නැති හැටියක්...

"නොතේරෙනවා නෙමෙයි ශාක්‍ය !!!ඒත් තමුසේ තේරුම් ගන්නවා අයියේ ඉන්න එකාට මොනා හරි වෙනවා කිව්වම වෙන උන් වගේ මට බෑ පාඩුවේ ඉන්න!!!

මෙච්චර දවස් අයියා කිව්ව මම පලවෙනි සැරේට එයාගේ නමින් කතා කරද්දි ඒ මුහුණට හිනාවක් ආවේ මම ශාක්‍ය අයියට රවලා අනිත් පැත්ත හැරෙද්දි...

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now