11 කොටස

256 30 88
                                    

උදේ පාන්දර අම්මා නැගිටිනවා කියලා දන්න නිසාම මාත් නැගිට්ටේ අම්මට උදව් කරන්න කියලා හිතන් නැගිටින්න හදන හැම වෙලේම එයාගේ අත් අතර හිටිය මාව ඒ දරදඬු අත් අතරට හිර උනේ අන්තිමට එයා නැගිටිද්දි..

"මොකද බබා දඟලන්නේ??

"ම...මට නැගිටින්න දෙන්නකෝ...

මම නැගිටින්න ඕන කිව්වත් එහා පැත්තේ බිම තිබ්බ එයාගේ ෆෝන් එකෙන් වෙලාව බලපු එයා ආයෙත් මගේ පැත්තට හැරුනේ ඇහිබබක් උඩට උස්සන්..

"තාම පාන්දර 4.00යි...

"එ...එක තමයි...

"ඒ කිව්වේ??

"අම්මාට උදව් කරන්න ඕන ...

එයා මට මොනා හරි කියන්න ගියත් ඒ එක්කම වගේ එයාගේ ෆෝන් එක රින්ග් උනේ එයාගේ අවදානේ කෝල් අයිඩී එක ලඟ නතර වෙද්දි ෆෝන් එක ආන්සර් ක්රපු එයා..

📞...

"හලෝ..

"................

"විනාඩියක් දියන්...

"බබා පරිස්සමෙන් වැඩකරනවා හරි...

ඒ කවුද ඒ මෙච්චර වෙලා යවන්න බෑ කිව්ව එයා  ඒ කෝල් එක ආව ගමන් මාව එව්වේ මොකද හ්ම්ක්..මේ නපුරා එක්ක බෑ නේ රහස් හරියට ඒකනේ අර ගුහාවක ජිවත් වෙන්නේ..

එයාටත් බැන බැන කුස්සියට ආව මම ඉර එලිය වැටෙනකම් අම්මට උදව් කරේ අනිද්දට නංගිව නාවන්න තියන නිසා අම්මයි කිරි ආච්චි දෙන්නම කුස්සියේ කැවිලි ටික හදන නිසා මම කට්ටියටම තේ හදන්න ගත්තේ සෙනාය අක්කා සුද්දිගේ කිරි එකත් එක්කම තේ ටික අරන් යද්දි සචින් අයියලටත් තේ දීලා කාමරේට එද්දි එයා ඇදේ නිදි...

එයාට ඊයේ රෑ නින්ද ගියේ නැද්ද වෙන්න ඇති මම හිතන්නෑ ලෙවින් සර් එයාව මෙහෙම හදලා ඇති කියලා ඒ අතින් මා එක්ක ජිවත් වෙන එක එයාට අමාරුවෙයිද ? මාව කාලයක් යද්දි අයියට එපා උනොත් මම මොනාද කරන්නේ??

උදේ වරුවම අම්මට උදව් කරලා කාමරේට ආව මම අම්මා කිව්ව බඩු ටික ගේන්න ටවුමට යන්න ලෑස්ති උනේ එයා කාමරේට එද්දි..

"කොහි යන්නද??

"ටවුමට අයියේ...ඕන බඩු ටිකක් අඩුයි අනික නංගිව නාවන එකට බෙහෙත් පැකට් එක ගන්න යන්න ඕන වෙද සීයගෙන්...

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now