05කොටස

296 41 50
                                    

හරියටම සතියක් මූ මාව සතියක් තිස්සේ මඟ අරිනවා ගෙදර අම්මි නැති ටයිම් බලලා කතා කරත් මන් අහන ප්‍රශ්නේ එක්ක කොල්ලා නැති හේතු මවන් පනින්නේ..

හරි ඔහොම යමන්කෝ අභිනු උබ තාම මගේ හැටි දන්නෑ ඔය හාවටත් පැනලා පැනලා මහන්සි අල්ලන වෙලාවක් එයිනේ..

මම උබව අල්ල ගන්නම්...

🌻🌻🌻

වෙනදා වගේම දවසක් මේ යන නොවැම්බර් මාසේ අවසාන හරිය අනේ මන්දා කාලේ යන ඉක්මන වෙනදා වගේමයි..

ෆෝන් එක අතට ගත්ත මම දැක්කේ මේ සතියට දකින දේමයි මම කියලා මොනා කරන්නද කවදා හරි එයාලටම ඇති වෙයිනේ ඒත් මගේ ජිවිතේ නැති කරගන්න හිතෙන දෙයක් නොවේවා කියලා පුංචි අහිංසක ප්‍රාර්ථනාවක් කරන්න විතරයි මට පුලුවන්...

මම වේලස්සන ලෑස්ති උනේ ශාක්‍ය අයියාව මඟ ඇරලා එලියට පනින්න වෙන දෙයක් නිසා නෙමෙයි...

එදා එයාගේ පපුවට තුරුල් උනේ මම කිසිම අයිතියක් නැතුව මම කොහොමද ඉතින් අයියට මුහුන දෙන්නේ දරාගන්න අමාරුම තැන මට ඕන කරේ වාරුවක් වෙද්දි..

මම කරේ මගේ ඇස් ඉස්සරා විශ්වාසයි කියලා හිත කිව්ව කෙනාට තුරුල් උන එක විතරයි..

අනික එයාව දකිද්දි මගේ හාට් එක ස්කෝලේ කාලේ ස්පෝට් මිට් එකේ රේස් දුවනවා වගේ දුවන්න ගන්නේ මොන හේතුවකටද මන්දා මට එයා දීහා කෙලින් බලන්න තරම් හයියක් නෑ ..

වොශ් එකක් දාන් නිල්පාට ඩෙනින් එකට සුදු පාට ශර්ට් එකක් ඇන්ද මම බෑග් එකත් එක අතට දාන් පහලට බැස්සේ අදත් වේලස්සන එලියට බහින්න හිතන්..

මම පහලට යද්දි අම්මි එයයි දෙන්නම කෑම කනවා තාත්තා නෑනේ සති ද්‍ර්ක තුනකට එයා කැනඩා ගිහින්..

බෑග් එක සෝෆා එකෙන් තිබ්බ මම කෑම මෙසේ අම්මී ලඟින් ඉදගත්තෙ එයා දිහා නොබලනවා කියන දැඩි තිරණය එක්ක..

ඒත් කොහේද මගේ හිත හරි මුරන්ඩුයි එයාගේ දිහා බලපු මන් දැක්කේ ෆෝන් එක දිහා බලන ගමන් කෑම කන එයාව කලු පාට ටීශර්ට් එකකට කලුපාට ඩෙනිමක් ඇදන් හිටිය එයා එක සැරේ කෑම මේසෙන් නැගිට්ටා..

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now