04කොටස

302 42 39
                                    

කාමරේ ඇතුලට ආව මම ඇදට වැටුනේ
ඇත්ත මගේ වයසේ අනිත් කොල්ලෝ දකිද්දි මට මම පව් කියලා හිතෙනවා ඒ හැමවෙලේම අම්මා සුද්දි නිසා ඉවසනවා ඇර ඒ දෙන්නා නොහිටින්න මේ හැමදේම මම අතඇරලා ඔලුව හැරුන අතේ ගිහින් ඒ තරම් මේ ජිවිතේ හරි බරයි..

ටික වෙලාවක් කල්පනා කරපු මම කෝල් එක ගත්තේ ලහිරුට ඒත් ඌ මට කතා කරේ අම්මා කියපුවා අහලා මම ඒ වගේ එකෙක් ගානට දාලා වෙද්දි මට ඇඩුනා කොළඹ දන්න කියන එකෙක්ට හිටිය එකම කෙනා උනේ ලහිරු ..

"මොකද්ද යකෝ මේ අම්මා කියන්නේ උබ මිනිහෙක් එක්ක ගියා කියලා...චී ලැජ්ජාවක් නැද්ද යකෝ..උබලා වගේ උන් ආශ්‍රය කරාට මට අප්පිරියයි යකො...මොන ජරා වැඩක්ද ඒ??ඕකෙන් ලැබෙන්නේ මොනාද බන්..උබ සල්ලි වලට උනත් අසහානකාරයෙක් කියලා මම හිතුවේ නෑ යකො...

කෝල් එක කට් කරපු මම ඇදේ වකුටු උනේ මිනිස්සු ඇත්ත නොදැන වැරද්ද මගේ පිට දාලා එයාලම ඒකට කෝණේකුත් හදන් ඒ විත්ති කූඩුව ඇතුලේ අභිනු කියන මනුස්සයට ගහන ලේබල් වල බර විතරක් මගේ පපුවට දැනෙද්දි..

මුලින් එක ලේබලයක් දැන් ඒ ලේබල් කරපු මටම අලුත් ලේබල් එකක් මගේ මුහුනට ආවේ කදුලු අතරින් අහිංසක හිනාවක්..

එයා වැරදි මන් ගැහැනු ලමයින්ට කැමති කොල්ලෙක් නෙවෙයි ඇත්ත එහෙමයි කියලා මන් කිසිම වැරදි දෙයක් කරල නෑ මන් වැරදි මට විරුද්ධ ලිංගිකයට වෙනුවට මගෙ ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක නම් ආදරේට මිනිස්සු පොත් වල රචකයෝ දෙන හැදුන්වීම් විතරයි සුන්දර ඒ කතා චරිත පිලිගන්න මිනිස්සුම ඇත්ත ජිවිතේ ඒ මිනිස්සු සියදිවි හානි කරන්න තැනටම ඇදලා දානවා...

ටොක් ටොක්..

දොරට තට්ටු කරන සද්දේ ඇහුන මම වෙලාව බැලුවේ මෙච්චර ඉක්මනට වෙලාව ගියාද කියලා කල්පනා කරන ගමන් වෙලාව රෑ අටට කිට්ටු කරලා කදුලු පිහදන් කාමරේ දොර ඇරිය මම දැක්කේ අම්මා ඉනටත් අතක් තියන් ඉන්නවා වෙද්දි...

"අනේ අනේ...මෙච්චර වෙලා නිදාගත්තද බබෝ...අද කන්නේ නැද්ද???

"ම්..මට ...බඩගිනි නෑ අම්මා...

"ඔහොම ඉන්න මොකද මේ ඇස් රතු වෙලා ඇඩුවා නේද දරුවෝ... ඇයි මැනික මෙහෙම අඬන්නේ... අම්මට නොකියන දෙයක් තියෙනවද??

වර්තන💚❤️ (Hold)Where stories live. Discover now