part 9

68 12 2
                                    

❄RED EyEs❄

#9ep

.දෙමහල් නිවසක උඩ තට්ටුවේ කාමරේ කලු පාට කර්ටන් වලින් වැහිලා තිබ්බා...එ නිසාමද  කොහෙද කාමරේ අැතුලේ තිබ්බේ කැලි කපන්න පුලුවන් තරම් කලුවරක් ..

එ කාමරේ මැද්දේ තිබ්බ කන්නාඩි මේසේට බර වෙලා හයියෙන්ම හසුම ගන්න ඩෙමන්ගේ අැස්  තද රතු පාට වෙලා තිබ්බා..

සුදුමැලි අත් වල ජිවයක් නැති නහර වැල් දුගුරැ පාටින් ඉල්පිලා පෙද්දි සුදු කමිසය පුරාම තැනින් තැන ඉරිලා  තිබ්බේ සතෙක්ගේ අැගිලි වලට හිරිලා වගේ ..

කමිසය පුරා තිත් වැටුනු රතු පාට ලේ පැල්ලම් තිබ්බත් කමිසයේ නිරාවරනය වුනු ඉරැනු තැන් වලින්නම් හිරිමක්වත් පෙන්න තිබ්බේ නැ..

එක පාරටම සීතල සුලගක් ඩෙමන්ගේ පිටේ වදිද්දි ඩෙමන්ගේ බද වටේ අත දාගෙන උරහිස උඩ නිකට තියාගෙන හිටියේ තරැණියක්..

සුදුමැලි සමක් ඉනෙන් පහලට තිබ්බ තඹ පාට කරලි ගැහුනු කොන්ඩේ අඩි පහක් විතර උස තිබ්බ තරැණියක් ...ලා දම් පාට අැස් දෙකක් තිබ්බ තරැණිය අැදලා හිටියේ අැගටම අැලුනු කලු පාට ගවොමක් ...

පිට දිගේ කැරලි ගැහුනු කොන්ඩේ තැනින් තැනට වෙන්න අමුනලා තිබ්බ සුදු පබලු  මේ සේරම තරැණියට ගෙනාවේ කුමරියකගේ පෙනුමක්..

ක්ලාරාව හම්බුනා නේ .........

තරැණිය කතා කරද්දි ඩෙමන්ගේ මිට මෙලවුනු අත් තවත් තද වුනා..

මම වැරදිද?

ඩෙමන් තරැණියට කතා කරේ හොදම යාලුවට කතා කරනවා වගේ සැහැල්ලුවෙන් වුනත් එ හඩ කලබලකාරියි ..

මට එකට උත්තරයක් දෙන්න බැ ඩෙමන්...

එයාට ඔයාව දැනටමත් දැනිලා නේද ?

මම දන්නැ ...මම දන්නැ

මම දන්නැ දෙයියනේ

අත් දෙකෙන්ම කොන්ඩේ අැදගත්ත ඩෙමන් පිස්සුවෙන් වගේ කැගැහුවේ තරැණියවත් තල්ලු කරලා..

ඩෙමන් සන්සුන් වෙන්න....ඉක්මනට එයාට හැමදේම මතක් වෙයි...

ඔයාගේ තීරණය මොකක්ද කියන්න...

THE DARKNESS  ( Arrival of the Queen of Darkness  )Where stories live. Discover now