මට වෙලාවකට හිතෙනවා මගේ ඩැඩා ඒ මනුස්සයා නොවුනා නම් මගේ ජීවිතේ කොහොම වෙයිද කියලා. මට සිද්ද වෙලා තියෙන්නේ එයා දෙන හැම ඕඩර් එකටම ඔලුව නවන් ඉන්න. ඒත් මං කැමති නෑ එහෙම ඉන්න. ඕක ගැන කතා කරන්න ගියොත් සිද්ද වෙන්නේ රණඩු වෙන්න. මට කියලා හීන නැද්ද? මට කියලා ආසාවල් නැද්ද? ඒත් මේ වෙද්දි සිද්ද වෙලා තියෙන්නේ එයා මගෙ ජීවිතේ මගෙ අනාගතේ හැමදේම මේ වෙද්දිත් එයාට ඕන විදිහට ප්ලැන් කරලා තියෙන එක. මට ඕන මං හීන දකින විදිහෙ සාමාන්‍ය පව්ලක්. මමා ඩැඩා එක්ක සාමාන්‍ය විදිහට ඉන්න. ඒත් මට මගේ කියලා තියෙන පව්ල ඒ හැමදේකින්ම ගොඩක් දුර තියෙන්නේ. සතුටු වෙන්න ද දුක් වෙන්න ද කියලා හිතා ගන්න බැරි උනත් මං ඉවසන් ඉන්නවා.
~ Monday ~
"නෝ ඩැඩා. මට බොඩිගාඩ් කෙනෙක් ඕන නෑ. ඔයාලා මං මෙහෙ ඉන්නවට අකමැති නං මං යන්නං. ඒත් ගාඩ් කෙනෙක් නං එපා."
අදත් උදෙන්ම රණ්ඩුවක්. ඇයි ඩැඩා මං එපා කියන දේවල්ම කරන්නේ. මට ඕන නෑ බොඩිගාඩ් කෙනෙක්. මට පුළුවන් මාව පරිස්සම් කර ගන්න. කොලේජ් ගියා යුනිවසිටි ගියා මං පරිස්සම් වෙලා හිටියනෙ. මේ හදීසියෙ මොකට ද බොඩිගාඩ් කෙනෙක්. විකාර.
"මගෙත් එක්ක කට ගහන් එන්න එපා ඒරා. හෙට ඉදන් තමුන් වෙනම ගෙදරක ඉන්න ඕන. ඒ වගේම තමුන්ට මේ තියන නිදහසත් නැති කර ගන්න ඕන නං තව හිතුවක්කාර වෙනවා."
මගෙ ඩැඩා ට detective office එකක් තියෙනව. ඒ සමහර වැඩ නිසා ඩැඩා ගෙ එනමීස් ලා මට කරදර කරන්න පුළුවන්ලු. එයාලගෙ වැඩ නිසා මටයි කරදරේ. අන්තිමට ගෙදරිනුත් යන්න වෙලා. ආපු දෙන්කො ඔය මහ ලොකු බොඩිගාඩ්. බොඩිගාඩ් ගෙ බොඩිය පරිස්සම් කර ගන්න විදිහ ඊළඟට බලමු.
~ Next Day ~
"ඒරා... ඒරා... ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න. ඩැඩා බලන් ඉන්නවා ඔයා එනකල්."
"ආහ්... ඕකේ මාම්"
නිදහසේ නිදියන්න වත් නෑ නෙ. අද මොකද දන් නෑ ඩැඩා ට මං වෙනුවෙන් බලන් ඉන්න වෙලාවක් ලැබිලා තියෙන්නේ.
A./P.
බාත් ටබ් එකේ පිරිලා තිබුන ලා රස්නෙ වතුරට බැහැපු ඒරා ටික වෙලාවක් ඇස් පියා ගත්තේ ගතට දැනුන සනීපෙට. ඒත් ඩැඩා තමන් එනකල් බලන් ඉන්නවා කියලා මතක් උනාම ඒරා ටිකක් ඉක්මන් උනා.
YOU ARE READING
Bodyguard (JJK) (Complete)
Fanfictionඅකමැති උනත් දෛවය වෙනස් කරන්න කාට ද පුළුවන්. ජීවිතේ වෙන්න තියෙන හැමදේම කොහොම උනත් සිද්ද වෙනවා. එන්න... ඒරා ගෙ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා අපි බලමු... Start date : 10 June 2024 End date : 19 July 2024 Don't copy my work 🚫 🎖️#1 (out of...