Liar (End)

119 12 4
                                    

"මින්හී"

"යාහ්... මෝඩ පූසො මං තමුසෙට කිව්වෙ ජන්කුක් එනකල් මෙතන පොඩ්ඩක් බැලන්ස් කර ගන්න කියලා නේ ද...??? අනේ මංදා මං මොකට මෙහෙම මෝඩයෙක් ව බැද ගත්ත ද කියලා."

"ජ්... ජන්කුක්...??? ඔයාලා බැදලා ද...??? ම්... මට තේරෙන් නෑ. මමා මොකක් ද මෙතන වෙන්නෙ...???"

"ඔයා ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගෙන් ම අහන්න ඒරා... අපි නෑ ඕවට..."

කිව්ව මිසිස් පාර්ක් මේන් ඩෝ එක දිහා පෙන්නද්දි ඒරා දැක්කා ජන්කුක් ඇතුලට එනවා. ජන්කුක් ව දැක්ක ගමන් දුවන් ගිහින් ඒ පපුවට තුරුළු වෙන්න ඕන උනත් ෆුල් කිට් ඇදලා වෙනස්ම විදිහට ඉන්න ජන්කුක් ලගට යන්න ඒරා ගෙ හිතේ ලොකු චකිතයක් ඇති උනා. ඒ බැල්මෙන් ම ජන්කුක් දිහා බලන් හිටිය ඒරා ගැස්සුනෙ මින්හි ගෙ කටහඬ ට.

"එන්න ඒරා... අපි හැමදේම කියන්නම් ඔයාට..."

"නෑ මට අරයගෙන් හැමදේම දැන ගන්න ඕන..."

හිනා වෙවී ආව ජන්කුක් ගෙ මූණෙ තිබුන හිනාව ඒරා ගෙ වචන එක්ක නැති වෙද්දි ජන්කුක් හුස්මක් පහලට දානවා. ජන්කුක් දැනන් හිටියා කවදා හරි මේකට තමන් ට මූණ දෙන්න වෙනවා කියලා.

"මං හැමදේම කියන්නම් බේබි. මුලින්ම අපි වාඩි වෙමුකො."

ඒරා ගෙ අතින් අල්ලන් ජන්කුක් කියද්දි ජන්කුක් අල්ලන් හිටිය අත ගැසුව ඒරා ගිහින් තමන් ගෙ ඩැඩා ලගින් වාඩි උනේ හැමෝම පුදුමෙන් බලන් ඉද්දි. මොකද කවුරුත් ඒරා ගෙන් මෙහෙන දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඒරා ගියාම අමාරුවෙන් මූණට හිනාවක් ගත්ත ජන්කුක් යුන්ගි ගෙ එහා පැත්තෙන් වාඩි උනේ ඒ තැන ඒරා වාඩි උන තැනට මුහුණලා තිබ්බ නිසා.

"බේබී... I'm sorry..."

"දැන් මොකට ද ඔයා මගෙන් සමාව ඉල්ලන්නෙ...???"

"ම්... මං ඔයාට බොරු කිව්වට... ඇත්තටම මං ඔයාගෙ ඩැඩා හයර් කරපු බොඩිගාඩ් නෙවෙයි. කෙටියෙන් කිව්වොත් මං බොඩිගාඩ් කෙනෙක් නෙවෙයි..."

"මොකක් ද...??? ඔයාට මාව විහිලුවක් ද ජන්කුක්...??? මොනාද මේ කියවන්නේ...???"

"බේබි... මං දන්නවා ඔයාට මේක විශ්වාස කරන්න අමාරුයි කියලා. ඒත් මේක තමයි ඇත්ත. මං මෙච්චර කාලයක් බොඩිගාඩ් කෙනෙක් විදිහට ඇක්ට් කරලා විතරයි. මට ඕන උනා මේ විදිහට ඉද්දි ඔයා මට ආදරේ කරයි ද බලන්න. ඒත් මට ඕන තැනක promise කරන්න පුළුවන් මං ඔයාට ආදරේ කලේ ඇත්තට කියලා. මං කවදාවත් බොරුවට ඔයාට ආදරේ කලේ නෑ..."

Bodyguard (JJK) (Complete)Where stories live. Discover now