Dream

73 13 2
                                    

"ඒරා... කට්ටිය ඇවිත් අපි පහලට යමු..."

ඇද උඩට වෙලා කල්පනා කර කර හිටිය ඒරා ගැස්සුනේ මමා ගෙ කටහඬ ට. තර්ක කරන්න දෙයක් දැන් ඉතුරු වෙලා නැති නිසා ඒරා හිතුවා පහලට යන්න. කොන්ඩෙත් පොඩ්ඩක් හදාගෙන මමා ගෙ පස්සෙන් පහලට ආව ඒරා දැක්කේ ඩැඩා වගේම තමන් දිහා බලන් ඉන්න තවත් නාදුනන මුහුණු ටිකක්.

මමා එක්කම පඩිපෙළ බැස්ස ත් ඒරා ඔලුව උස්සන්නෙම නැතුව බිම බලන් ඉද්දි ඇයට දැනුනා කවුරු හරි තමන් ලගට එනවා කියලා. ඒ ආව කෙනාගෙ නීට් එකට පොලිශ් කරපු කලු සපත්තු දෙක තමන් ඉස්සරහ නැවතෙද්දි ඒරා තද කරලා තමන් ගෙ ඇස් වහ ගත්තේ ජන්කුක් ඇරෙන්න වෙන කෙනෙක් දිහා එයාට බලන්න ඕන කමක් නැති නිසා. ඒත් සිද්ද උනේ ඒරා හිතුවෙ නැති දෙයක්. කවුරුන් හෝ ආව පිරිමි කෙනා ඒරා ගෙ අත අල්ල ගත්තේ හැමෝම අත්පොලසන් දෙද්දි. ඒත් එක්කම සාක්කුවෙන් ගත්ත නිල් මැණික ක් අල්ලපු මුදුව ඒරා ගෙ අතට දාලා ඒ අත සියුම් ව සිප ගනිද්දි ඒරා ගැස්සුනා.

"නෝ..."

සද්දෙන් කෑ ගහන් නැගිටපු ඒරා පපුවට අත තියන් කල්පනා කලේ තමන් ඒ දැක්කෙ මොන වගේ හීනයක් ද කියලා.

"මොන විදිහෙ හීනයක් ද ඒ... අම්මෝ තාම පපුව ගැහෙනවා. මගෙ කුකී ඉන්නකල් මං බය වෙන්න ඕන නෑ. ඒත් හීනෙන් උනත් ඔහොම බය කරන එක හරි වැරදී නෙ..."

තනියම කියවන ගමන් තමන් ගෙ ම කම්මුල ට දෙතුන් පාරක් ගහ ගත්ත ඒරා හිනෙ හිටපු කෙනා ගෙ මූණ මතක් කරන්න උත්සාහ කලා. ඒත් මූණක් විදිහට සපත්තු දෙකක් මැවෙද්දි ඒරා ඒ උත්සාහය අත ඇරියෙ තමන් ගෙ මොලේ කොහොමත් වෙලාවකට පිස්සු නටනවා කියලා දන්න නිසා.

"හීනෙන් උනත් වෙන කෙනෙක්ට මට රින් එකක් දාන්න දීපු එක වැරදී. අද දවස හොදට පරිස්සම් වෙන්න ඕන. ජන්කුකී මොකක් හරි කරන්නම් කිව්වට..."

තමන්ට ම කියව ගත්ත ඒරා phone එකේ දාන් ඉන්න ජන්කුක් ගෙ photo එකට කිස් එකක් තිබ්බෙ ඇගිලි තුඩු වලින් පිරිමදින ගමන්.

"මට ඔයාව ඕන කූ..."

ආපහු ජන්කුක් ගෙ පින්තූරයට හාදුවක් දීලා වොශ් එකක් දාගන්න හිතන් ඒරා ඇදෙන් නැට්ටෙ අද කොහොම හරි ජන්කුක් ව මීට් වෙන්න ඕන කියලා හිතන්. මොකද ජන්කුක් දැනුවත් වෙලා ඉන්න ඕන අද සිද්ද වෙන දේ ගැන.

Bodyguard (JJK) (Complete)Where stories live. Discover now